Skip to main content
ප්‍රශ්නය

මම මාස පහක් තිස්සෙ එකදිගට මාසයක් ගානෙ පොස්ටිනෝර් බීවා ලිංගික එක්වීමෙන් පස්සෙ මට එ කාලයෙ මෙන්සස් හරියට උණා ගිය මාසයෙ මෙන්සස් උනෙ නැ ප්‍රෙග්නන්සි ටෙස්ට් දෙකක් කරා දෙකම නෙගටිව් මෙන්සස් නොවෙන්න හෙතුව මොකක් වෙන්න පුලුවන් ද

අසන ලද්දේ: Ka*** · වයස 21

පොස්ටිනෝර් වල හෝමෝන නිසා ඔසප් චක්‍රය වෙනස් වී ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්. පරීක්ෂණ නෙගටිව් නම් බොහෝවිට ගැබ් ගෙන නැහැ, නමුත් අවසන් එක්වීමෙන් සති තුනකට පසු නැවත මුත්‍රා පරීක්ෂා කරන්න. හදිසි පෙති නිතර බීමට සුදුසු නැති නිසා වෛද්‍යවරයෙකු හමුවී සුදුසු උපත් පාලන ක්‍රමයක් තෝරා ගන්න.