සර්,endometriosis තියෙනවා මට.විවාහ වෙලා වසර 5ක්.දරුවෙක් බලාපොරොත්තුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලැබූවත් නිර්දේශ කලේ ඩිම්බ මෝරන පෙති හා ovidac injection තුන් වතාවක්. IUI තුන් වතාවක්,ඒත් අසාර්ථකයි.IVF කරන්න මුදල් ගැටලු.මේ ප්‍රතිකාර විතරම ද තියෙන්නෙ එන්ඩොමෙට්‍රියොසිස් තියෙන කෙනෙකුට?වෙනත් පරීක්ෂණ හෝ ප්‍රතිකාර තිබේද? Thank you sir.
ලැපරොස්කොපි සැත්කමක් මගින් එන්ඩොමෙට්‍රියෝසිස් ඉවත් කර, ඉන් පසු ඉක්මණින් ගැබ් ගැනීමට උත්සාහ කිරීම තවත් ක්‍රමයක්. එය මෙතෙක් කර නැති නම් ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කරන්න. IUI නැවත නැවත අසාර්ථක වූ විට ඊළඟ පියවර IVF ප්‍රතිකාරයයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?