Doctor, මගේ වම් යටිබඩ පෙදෙසේන් යම්කිසි වේදනාවක් එනවා.මෙය ඇති වෙලා දැනට අවුරුදු 2ක් පමන වෙනවා.මම scan test එකක් පවා කරලා බැලුවා ගර්භාශයේ රොගී තත්වයක්ද කියලා. නමුත් එහෙම කිසි දෙයක් නෑ. මට බෙහෙත් නියම කලා tablets ඇතුල් කිරීම වගේ. ඒත් බෙහෙත් නවත්තපුගමන් ආයෙමත් එය එනවා. මට සුදයාම අදිකව තිබෙනවා. එය අසාමාන්ය තත්වයක් බවටත් පත්වෙලා දැන්. මගේ ශරීරයත් උශ්න අදිකයි. මං විවහ වෙලා දැනට වසර 2යි. මෙයට පිලිතුරක් බලාපොරොත්තු වෙනවා. මෙය රෝගී තත්වයක්ද?
පරීක්ෂාවකින් තොරව මෙයට හේතුව පැවසීම අපහසුයි. ස්කෑන් පරීක්ෂණය සාමාන්ය වුවත් එන්ඩොමෙට්රියෝසිස් වැනි තත්වයක් ඉන් හඳුනා නොගැනෙන අවස්ථා තිබෙනව. ප්රතිකාර වලින් සුව නොවෙන සුද යාමක් නම් ස්රාව පරීක්ෂණයක් කර බැලිය යුතුයි. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?