VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr mage babage bara g.800k penahalu wardanaya wela nahslu eya bebi rum eke. E wage daruwek jiwath karanna puluwanda
ග්රෑම් 800ක් වැනි අඩු බරකින් උපදින දරුවන්ගේ පෙනහළු නිසි ලෙස වර්ධනය වී නැති නිසා ළදරු දැඩි සත්කාර ඒකකයේ විශේෂ ප්රතිකාර අවශ්ය වෙනව. එවැනි දරුවන් බොහෝ දෙනෙක් දැන් ජීවත් කරවා ගන්න පුළුවන්, නමුත් එය රඳා පවතින්නේ දරුවාගේ තත්වය අනුවයි. වැඩි විස්තර දරුවාට ප්රතිකාර…
Mata 2018 baba lebna.etapasse aurudu 3ta athata karalak damma.aurudu 3 sampurna wenna masa 4 ta kalin man karala athin ewath kara.ewath karala masa 7k withara unath thama pregnant…
කරල ඉවත් කළ වහාම ගැබ් ගැනීමේ හැකියාව නැවත ලැබෙන නිසා එය මෙයට හේතුවක් නොවෙයි. ගැබ් ගැනීමට වසරක් පමණ ගත වීම සාමාන්යයි; සරු කාලයේ එක්වන්න. වසරකින් සාර්ථක නොවේ නම් දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න. https://vog.lk/fertility.php
Doctor september mase mata11 menace una.dawas 5kin withara nathara una.28 ra 9ta withara yati bada dakunu paththa ridenna gaththa kondath dakunu kalawath riduna.ewasaganna bari tha…
ඔසප් චක්රයේ මැද භාගයේ ඩිම්බය පිටවෙන විට මෙලෙස එක් පැත්තක වේදනාවක් සහ සුළු ලේ පිටවීමක් ඇති වෙන්න පුළුවන්. ඩිම්බ කෝෂයේ ඩිම්බ පිටවන විට ඇතිවන follicle එක හෝ කුඩා වතුර ගෙඩියක් පිපිරීමෙනුත් මෙවැනි තද වේදනාවක් ඇති වෙනව. නැවත මෙසේ වුවහොත් ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න…
Doctor mama big girl kanak una au9.00 ath mata mansas hadanna naha dine 35 vaga bahath gathath mansas akramawath obathuma lagata awoth ma prashnata bahath thiyayda
මෙයට ප්රතිකාර තිබෙනව. මුලින් පරීක්ෂා කර ඔසප් වීම අක්රමවත් වීමට හේතුව සොයා බැලිය යුතුයි. බර වැඩි නම් බර අඩු කර ගැනීම හොඳම ප්රතිකාරයයි.
Mama kochara vathura biuvath mage yati bada koravenava MN nitharama vathura bona kenek mata Dana Gana Oni Dr ai mage yati bada koravene kiyala.thank you
යටි බඩේ කොරවීමකට මුත්රා ආසාදන වැනි හේතු රාශියක් තිබෙන්න පුළුවන්; පරීක්ෂාවකින් තොරව හේතුව පැවසීම අපහසුයි. මෙය දිගටම පවතී නම් වෛද්ය වරයෙකු හමුවී මුත්රා පරීක්ෂණයක් කරවා ගන්න.
මාහට ගර්භාශයේ fibroid සහ දකුනු ඩිම්බ කෝශයේ 3cm පමන ගෙඩියක් තිබෙන බව දැන ගත්තා . එසේ තිබියදී pregnant වෙන්න උත්සහ කිරීම ගැටලුවක්ද. එවැනි ගෙඩි තියෙද්දි pregnant උනොත් ඒක කලලයට හෝ දරු…
සෙන්ටිමීටර 3ක ඩිම්බ කෝෂ ගෙඩියක් බොහෝවිට සාමාන්ය තත්වයක්; එය මාස කිහිපයකින් ඉබේම නැති වෙනව. ෆයිබ්රොයිඩ් නිසා දරුවාට හානියක් වෙන්නේ කලාතුරකින්. ඒ නිසා ගැබ් ගැනීමට උත්සාහ කිරීමේ ගැටළුවක් නැහැ.
Dr mata lamai na marry karala aurudu 5k wenwa. Beheth warga biuwa eth lamayek tma na. Mage dimba morala na. Ekai gataluwa. Me sadaha nala daru sathkamak karoth harida
ගැටළුව ඩිම්බ නොමේරීම පමණක් නම් බොහෝවිට නල දරු ප්රතිකාරය අවශ්ය වෙන්නේ නැහැ. පෙති වලින් ඩිම්බ මේරීම සිදු නොවේ නම් හෝමෝන එන්නත් මගින් එය කළ හැකියි. ඊට පෙර ශුක්රාණු පරීක්ෂණය සහ පැලෝපීය නාල පරීක්ෂාවත් කර තිබිය යුතුයි.
ඩොක්ට මට අවුරුදු 7 ක් වයස දුවෙක් ඉන්නවා. මම නැවතත් දරුවෙක් හදන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.නමුත් තවම දරුවෙක් නැත.ගිය මාසෙ ඩොක්ට කෙනෙක් හමුවෙන්න ගියා.මට ඩිම්බ මොරණ බෙහෙත් බොන්න දුන්නා…
එක් මාසයකින් සාර්ථක නොවීම අසාමාන්ය දෙයක් නොවෙයි. ඊළඟ වාරයේදී ඖෂධ ගෙන ස්කෑන් පරීක්ෂණයෙන් ඩිම්බ මේරීම බලා ගැනීම වැදගත්. ඒ සඳහා ඔබේ වෛද්ය වරයා නැවත හමුවන්න.