මිතුරි පෙති පාවිච්චි කරනව අවුරුදු දෙකක් තිස්සෙ ...මම ඒකෙ කහ පෙති 21 බීල දුබුරුපෙති නොබී නැවත අලුත් කාඩ් එකක් අරන් කහ පෙති විතරක්ම බොනව.හැමදාම එහෙම කරද්දි මෙන්සස් හැදෙන්නෙ නෑ ඒකයි එහෙම කරේ.ඒක හොද නැද්ද .දැනට කාඩ් එකේ කහ පෙති7ක් විතර ඉතුරු වෙලා තියෙද්දිම ටික ටික් බ්ලීඩ් උනා දවසට ටික ටික..ඒත් මම දිගටම කහ පෙති බිවුව..දැන් දවස් තුනක් එහෙම වෙලා දැන් නම් මෙන්සස් හැඩුන වගේම ලේ යනව...කහ පෙති ඉවර වෙන්න තවදවස් දෙක්ක් තියෙනව...මේක මගේ මොනව හරි ලෙඩක් නිසා වෙනවද..නැත්න්ම මම මෙන්සස් වෙන්න නොදී දිගටම කහ පෙති පාවිච්චි කරපු නිසා මෙන්සස් හැදෙන්න ඕන නිසා මෙහෙම වෙනවද....බඩත් වෙනදට වඩා ටිකක් විතර ලොකුයි....මම මොනවා හරි ස්කෑන් එකක් කරන්න ඕනද....මීට අවුරුදු දෙකකට විටර කලින් මට ඉතා කුඩාවට ෆ්‍යිරොඩ් ගෙඩියක් බඩේ තියෙනව කියල ස්කෑන් එකක්දි ඩොක්ටර් කෙනෙක් කිවුව..ඒ නිසා මොනව හරි බලපෑමක් තියෙනවද දන්නෙත් නෑ.අනේ ඩොක්ටර් මම මොකද කරන්න ඕන කියල හටියටම කියන්නකො..ගොඩක් පිං ...
දුඹුරු පෙති නොබී දිගටම කහ පෙති බීමෙන් හානියක් වෙන්නෙ නැහැ. නමුත් එසේ කරන විට අතරමැද මෙලෙස ලේ යාමක් ඇතිවෙන්න පුළුවන්. කාඩ් එක අවසන් වූ පසු දින 7ක් නවතා ඔසප් වීමට ඉඩ දී නැවත පටන් ගන්න. ඉන් පසුවත් අතරමැද ලේ යාම තිබේනම් ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?