Skip to main content
ප්‍රශ්නය

අක්‍රමවත් ඔසප් වීම,අධික රුධිර වහනය හා වේදනාව හේතුවෙන් වෛද්‍යවරයකු මුණගැහුනා,ගර්භාෂය ඉදිමි ඇති නිසා එය ඉවත් කල යුතු බව පැවසුවා(ස්කෑන් පරීක්ෂණයකින්)

අසන ලද්දේ: අන*** · වයස 44

මෙයට හේතුව ඇඩිනොමයෝසිස් හෝ ෆයිබ්‍රොයිඩ් ගෙඩි විය හැකියි. නැවත දරුවන් ලැබීමට අපේක්ෂාවක් නොමැති නම් ගර්භාෂය ඉවත් කිරීම සම්පූර්ණ සුවය ලබා දෙන ප්‍රතිකාරයි. එය කුඩා කැපුම් යොදා ලැපරොස්කොපි ක්‍රමයට කල හැකියි. නමුත් තවත් දරුවන් අපේක්ෂා කරනව නම් ඖෂධ හෝ හෝමෝන ලූපය මගින් රෝග ලක්ෂණ පාලනය කිරීමට හැකියාව තිබෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.