VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,418ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6418)
doctor මට දැනගන්න පුළුවන්ද සැගවුන ගබ්සාවක ලක්ෂන.
සමහර විට බඩේ වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. බොහොවිට රුධිර වහනයක් වෙන තෙක් රෝග ලක්ෂණ ඇතිවෙන්නේ නැහැ. ස්කෑන් පරීක්ෂණයෙන් බබාගේ හෘද ක්රියාකාරිත්වය නැති බව තමයි හඳුනා ගත හැකි මුල්ම ලක්ෂණය.
Man mari karala masa 9k wenawa daruwek bala boroththuwen inne e wagema masika sudda vimath wenne sawas ganakata passe e siduvima mari karapu mase idan e vidiyatamai sidda wenne eka…
කාන්තාවකගේ ඔසප් වීම දින 21-45 දක්වා පරාසයක සිදුවෙන්න පුළුවන්. මෙය සාමාන්ය තත්වයක්. දරු පිළිසිඳ ගැනීමට පමා වෙන්නේනම් මදසරුබව පිළබඳ සායනයකට යොමුවී පරීක්ෂා කරවා ගන්න. වැඩි විස්තර මෙම ලිපියෙන් බලන්න Click Here
Pregnant kaaledi lime juice biuwata prashnayak nedda.
නැහැ. ස්වභාවික පලතුරු යුෂ පානය කිරීමේ කිසිම හානියක් නැහැ. නමුත් සීනි අධික බීම වර්ග ගැනීම එතරම් සුදුසු නැහැ.
Mage mulma pregnacy ekedi banawa sati 13 neti una. Vog kiuwa elaga pregnancy ekedi ecosprin tablet eka bonna kiyala. Mata den sati 7. Man e behetha den biuwata kamak nedda. E behet…
Aspirin (Ecospirin) ලබා දෙන්නේ රුධිර කැටි ගැසීම වැඩි වීම නිසා ඇති වල ගබ්සාවන් වලක්වා ගැනීමට. ඔබට එවැනි අවදානමක් ඇත්දැයි පරීක්ෂාකර වෛද්ය නිර්දේශයකින් පසුව පමනක් මෙම ඖෂධය ලබා ගත යුතුයි.
Doctor, Mata mulinma suda yanawa wage rogayak thibuna. Pasuwa doctor kenek channel karala check kalama eya kiwwa eka prashnayak nemei kiyala. Dan mama marry karala inne avuruddak w…
මෙයට නිසි පිළිතුරක් දීමට මෙම විස්තර ප්රමානවත් නැහැ. ඔබට තිබෙන රෝග තත්වය දැන ගැනීමට ඔබව පරීක්ෂා කර ඔබගේ ස්කෑන් පරීක්ෂණ වාර්තාව බැලිය යුතුයි. ගර්භාෂය ඉදිමීම කියල සාමාන්යයෙන් කියන්නෙ adenomyosis කියන තත්වය. එවිට ඔසප් වීමේදී රුධිර වහනය වැඩිවීම, අධික වේදනාව වැනි…
Dr mata danaganna puluwanda Duinum 50mg tablet ekata wana e wage ganna puluwan tablet thiyanawa da ma tablet eka man masa 5k thissa bonawa mata dan boddi wamani yanawa saha happiri…
Clomiphene Citrate (Duinum) ඖෂධය භාවිතා කරන්නේ සාමාන්ය ලෙස ඩිම්බ මේරීම සිදු නොවන අවස්තාවක ඩිම්බ කෝෂ උත්තේජනය කිරීමට. ඒ සමග ස්කෑන් පරීක්ෂාවකින් ඖෂධය නිසි ලෙස ක්රියා කරනවාදැයි පරීක්ෂාකර බලා ඩිම්බ මෝචනය සඳහා උපකාරීවන නික්ෂේපන ඖෂධයක් දීමෙන් අනතුරුව සුදුසු කාලයේ…
Dr. Mage pregnancy eka 37 week. VOG dr. Scan karanawa monthly. Dr. Mage baba size eken podi kiyala thamai kiyanne. Baba dawasata kalin dilivery wei kiyalath kiwa. Thawa babage pena…
ඔබගේ දින නිවැරදි නම් බබා පොඩි වීමට ප්රධාන හේතු දෙකක් තිබෙනව.1. දරුවා නිරෝගී නමුත් ප්රමානයෙන් කුඩා වීම (වැඩිහිටියන්ගේ උස එකිනෙකාට වෙනස් වගේ උපදින දරුවනුත් එක සමාන නැහැ. සමහර දරුවන් ප්රමානයෙන් කුඩායි. නමුත් එය රෝගී තතවයක් නොවෙයි)2. දරුවාගේ රෝගී තත්වයක් නිසා හ…
Dr. Mata me prashne katawath kiyanda beri gataluwak nisa obathumagen pilithurak balaporothu wenawa. mn aviwahakae mage yoniye clitoris eka saha athul yoni thol pitatha yoni thol at…
මෙය සමහර කාන්තාවන්ගේ දක්නට ලැබෙන සාමාන්ය තත්වයක්. තද යට ඇඳුම් ඇඳීමෙන් වැලකී සැහැල්ලු ඇඳුම් පමණක් භාවිතා කරන්න. මෙය ඉතාමත් අපහසු තත්වයක් නම් සුළු ශල්යකර්මයක් මගින් නිවැරදි කල හැකියි. නමුත් බොහෝ කාන්තාවන්ට ශල්යකර්මයක් අවශ්ය වෙන්නේ නැහැ.