Skip to main content
ප්‍රශ්නය

බබා පොඩි වීම ප්‍රශ්නයක්ද? ඒක වෙන්නේ ඇයි?

Is it a problem if the baby is small, and why?

Dr. Mage pregnancy eka 37 week. VOG dr. Scan karanawa monthly. Dr. Mage baba size eken podi kiyala thamai kiyanne. Baba dawasata kalin dilivery wei kiyalath kiwa. Thawa babage penahalu hadenna injuction gahuwa. Baba podi wima prasnayakda doctor

අසන ලද්දේ: Di*** · වයස 30

ඔබගේ දින නිවැරදි නම් බබා පොඩි වීමට ප්‍රධාන හේතු දෙකක් තිබෙනව.

1. දරුවා නිරෝගී නමුත් ප්‍රමානයෙන් කුඩා වීම (වැඩිහිටියන්ගේ උස එකිනෙකාට වෙනස් වගේ උපදින දරුවනුත් එක සමාන නැහැ. සමහර දරුවන් ප්‍රමානයෙන් කුඩායි. නමුත් එය රෝගී තතවයක් නොවෙයි)

2. දරුවාගේ රෝගී තත්වයක් නිසා හෝ වැදෑමහ හරහා දරුවාට ප්‍රමානවත් පෝෂණයක් නොලැබීම නිසා දරුවා කුඩා වීම. (මේ සඳහා බලපාන හේතු ගොඩක් තිබෙනව. ස්කෑන් පරීක්ෂණ මගින් සමහර හේතු සොයා ගන්න පුළුවන්. පෝෂණය අඩුවීම නිසා කුඩා වන දරුවන්ට, ප්‍රසූතියෙන් පසු නිසි පරිදි මවුකිරි දීමෙන් ප්‍රශස්ත බරක් ලඟා කර ගත හැකියි. ඉතා සුළු ප්‍රතිශතයක් වන රෝගී දරුවන්ට වෛද්‍ය උපදෙස් මත සුුදුසු ප්‍රතිකාර/ පෝෂණය අවශ්‍යයි)