නම: Ma*** | වයස: 27
ගැටළුව

Doctor, Mata mulinma suda yanawa wage rogayak thibuna. Pasuwa doctor kenek channel karala check kalama eya kiwwa eka prashnayak nemei kiyala. Dan mama marry karala inne avuruddak wenawa. Danata dina kipayakata kalin mata yoni maargayen duburu paatat huru le galimak una namuth gadak natha. itapasse api VOG kenek channel kala. eya scan karala kiwwa garbaashaya idimila kiyala beheth dunna. mata danaganna one eka idiriyata daruwek labanna prashnayak weida kiyala. mama arthritis rogayatada beheth ganna nisa danma daruwek hadanne na. e nisa ekath issarahata prashnayak weida? mata ikman pilithurak labadenamen karunikawa illa sitimi Sthuthiy

පිළිතුර


මෙයට නිසි පිළිතුරක් දීමට මෙම විස්තර ප්‍රමානවත් නැහැ. ඔබට තිබෙන රෝග තත්වය දැන ගැනීමට ඔබව පරීක්ෂා කර ඔබගේ ස්කෑන් පරීක්ෂණ වාර්තාව බැලිය යුතුයි. ගර්භාෂය ඉදිමීම කියල සාමාන්‍යයෙන් කියන්නෙ adenomyosis කියන තත්වය.  එවිට ඔසප් වීමේදී රුධිර වහනය වැඩිවීම, අධික වේදනාව වැනි රෝග ලක්ෂණ ඇති වෙනව. සමහර විට ඒ නිසා දරු පිළිසිඳ ගැනීම පමා වෙන්නත් පුළුවන්. ඔබගේ වාර්තා සමග වෛද්‍ය වරයා නැවත හමුවී විස්තර දැන ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)