Skip to main content
ප්‍රශ්නය

ග්ලූකෝස් ටෙස්ට් එකේ සීනි 126ක් නම් වැඩිද?

Is a sugar of 126 after the glucose test too high?

Doctor mata sati 28 wenawa..mage after 2hr 75g glucose testing eka blood suger 126 tiyanawa..e pramanaya wadida..RH antibody negative tiyanawa..me gana pahadili kirimak laba denna..

අසන ලද්දේ: ga*** · වයස 30

මෙය සාමාන්‍ය අගයට වඩා වැඩියි. වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. බොහෝ විට ඔබට රුධිර සීනි මට්ටම ආහාර පාලනය කිරීමෙන් පමණක් පාලනය කිරීමට හැකි වේවි. ඔබගේ දරුවාගේ රුධිර ඝනය positive නම් දරු ප්‍රසූතියෙන් පසුව ප්‍රතිදේහ නික්ෂේපනයක් ලබා ගත යුතුයි. කලාතුරකින් ඇතිවිය හැකි සංකූලතා අවම කර ගැනීමට ප්‍රසූතියට පෙරත් මෙම ඖෂධය ලබා ගත හැකි නමුත්, මිල අධික නිසා බොහෝ රජයේ රෝහල් වල මෙය නිර්දේශ කරන්නේ නැහැ.