Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mama birth control lesa condom pavichchi karanawa.namuth pera dina condom nomathiwa ekathu una.danma daruwaku balaporoththu wenne neha. pregnant wevida kiya bayak thiyenawa.geb ganima welakwemata prathikarayak thibeda.

අසන ලද්දේ: Ni*** · වයස 29 · 587 views

පිළිතුර

ඔව්. අනාරක්ෂත සංසර්ගයෙන් පැය 72ක් ඇතුලත postinor නැමැති ඖෂධය ලබා ගැනීමෙන් ගැබ් ගැනීමක් වලක්වා ගන්න පුළුවන්. මෙය හැකි ඉක්මනින් ගැනීම වඩාත් උචිතයි. මෙය එක පෙත්තක් වශයෙන් දැන් ෆාමසි වලින් මිලදී ගන්න පුළුවන්. නමැති ඖෂධය පෙති දෙකක් ලෙස තිබෙන්නේ. එය ගන්නේ නම් පලමු පෙත්ත ගෙන පැය 12කින් දෙවන පෙත්ත ගත යුතුයි. සංසර්ගයෙන් පැය 72කට වඩා කල් ගතවී ඇත්නම් වෛද්‍යවරයෙක් හමුවී අන්තර් ගර්භාෂිත ලුපයක් තැන්පත් කරවා ගත හැකියි.