Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

doctor godak aya kiynawa pregnant ayata mul kale gaslabu kanna hoda na kiyla.idunu gaslabu walat kiri tyenwada.. knna hoda nadda..

පිළිතුර

ගර්භණී කාලයේ පලතුරු ආහාරයට ගැනිම හොඳයි. කිසිම පලතුරකින් දරුගැබට හානි වෙන බවට වීද්‍යාත්මක සාධක නැහැ.

Pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

doctor kusatula inna babage sathi ganana gananaya krnne awasana warata osap vime dina sitada... nattam osap vimen pasu satiyakinda.mata anthimata mensas hedune May 23. dan July 23…

පිළිතුර

ඔබට අවසාන වරට ඔසප් වීම ආරම්භ වූ දින සිටයි සති ගනන ගනනය කරන්නේ. මැයි 23 සිට අද දක්වා සති ගනන තමයි ඔබේ ගර්භයේ වයස ලෙස සලකන්නේ. ඒ අනුව ජුලි 23 වන විට සති 8ය දින 5ක් වෙනව.

Pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

doctor pregnant amma kenek lingika ekatu vimedi atiwana selavima babata balapanne nadda.. masa 3k wat ynna kalin ekatu vima avadanamak tyenawda...

පිළිතුර

සමහර සංකූලතා ඇති මවුවරුන්ට ලිංගිකව එක් වීමෙන් වැලකී සිටින ලෙස වෛද්‍ය වරු අවවාද කරනව. ඔබට එවැනි තත්වයක් නැතිනම් ලිංගික සංසර්ගයේ යෙදීමෙන් ගර්භයට හානියක් වෙන්නේ නැහැ.

Pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Garbayata sathi 33i. Dagalana wara ganana itamat adui. Aeya samanya deyakda.

පිළිතුර

දඟලන වාර ගනන එක එක බබාට වෙනස්. එම නිසා මෙය සාමාන්‍ය දෙයක් දැයි පැවසීම අපහසුයි. කලින් බබා දැඟලූ ආකාරයට වඩා වෙනසක් දැනේ නම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න. CTG පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි.

Sa*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Sathi 12 pahu una pamanai.mathara yamata hadisiye siduwela tibenawa.dura gaman yama sudusuda...

පිළිතුර

ඔබට වෙනත් සංකූලතාවක් නැතිනම් මෙම කාලයේ දුර ගමනක් යෑමේ ගැටළුවක් නැහැ.

Th*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Mata sathi 6dea blid wena gatha godak newi tika.dean sathi 7ka la rathu patata sewala wage tikak yanwa ae ahma wene?

පිළිතුර

බොහෝ විට මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. නමුත් දරු ගැබට හානියක් විය හැකි ගබ්සාවක් වැනි තත්වයන් නිසාත් මේ වගේ රුධිර වහනය සිදු වෙනව. එම නිසා වෛද්‍ය වරයෙකු හමු වී ඉක්මනින් ස්කෑන් පරීක්ෂාවක් කරවා ගන්න.

Si*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor man pregnant wela dan 10weeks wenawa.mage ath deka saha kakul deka nitharama kasanawa.mn hodata nala pirisiduwa ennawa.eth me kaseema adu ne.mokakda doctor mekata hethuwa.

පිළිතුර

ගර්භණී කාලයේ‍ෙ සමේ ඇතිවන වෙනස් වීම සහ රුධීර වාහිනී විස්තාරනය වීම නිසා මේ වගේ දැනෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීමෙන් මේ තත්වයට සහනයක් ලබන්න පුළුවන්.

Sh*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mata 1year& 3month baby kenek innawa.babata masa 8k unama mama loop ekak damma.eth thamath mata osap unena.baba thama mage kiri bonne.ma kumak kala yuthuda?

පිළිතුර

සාමාන්‍ය ලූපයක් (copper IUD) පාවිච්චි කරද්දී මාස 6කට වඩා වැඩි කාලයක් ඔසප්වීම සිදු නොවිනි නම් එය සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙයට හේතුව දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

Se*** · වයස 30
පිළිතුර කියවන්න