VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
docter mama marry karala aurudu 3k wenwa.. mata thavama babala na.. dimba koshaye dimba wardhanaya wenawa madi kiyala thama doctersla kiyanne.. avuruddk thisse beheth arana scan ka…
ඩිම්බ කෝෂ වලින් ඩිමබ මේරීම අඩුවීම බොහෝ කාන්තාවන්ට ඇති තත්වයක්. මේ සඳහා සාර්තක ඖෂධ ප්රතිකාර තිබෙනව. ශල්යකර්මයක් අවශ්ය වෙන්නේ නැහැ. මෙයට අමතරව පැලෝපීය නාල වල අවහිරතාවයක් ඇතිදැයි පරීක්ෂා කිරීමට ලැපරොස්කොපි ශල්යකර්මය මගින් පුළුවන්. එය ඔබේ වෛද්යවරයා තීරනය කරාව…
Doctor, mama pregnancyak balaporoththuwen innawa.dawas dekak wamanaya 4 parak giya.kalanthe gathiya kema appiriya gathiya thiyenawa.Giya mase 20 osap una.Me mase 19th osap una.Stri…
වෛද්ය පරීක්ෂාවකින් තොරව මෙය ස්ථිරවම පැවසිය නොහැකියි. වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මුත්රා පරීක්ෂාව Negative නම් මෙය ගැබ් ගැනීමක් වීමට ඇති ඉඩකඩ අඩුයි.
Dr.man marry karala danata awuruddak wenawa.mithuri pethi Mulin gaththa.nathara karala danata 4months wenawa.Dan mata babek innawa kiyala danenawa. ( kalanthe kerakilla appiriyawa…
සමහර විට ගර්භණී කාලයේ මුලදී රුධිර වහනය වීම් ඔසප් වීම ලෙස වරදවා හඳුනා ගන්නා අවස්තා තිබෙනව. එම නිසා ඔබට සැකයක් ඇත්නම් මුත්රා පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි. මුත්රා පරී්ක්ෂණය Positive වීමට දරු ගැබට සති දෙකක් වත් විය යුතුයි.
Dr ,iui 2k karala sarathaka une neti nam.masa 2k witara rest karala ita passe 3 weni iui eka karata kamak netida.
IUI සාර්තක වීමට කලින් කරන ලද දිනය බලපාන්නේ නැහැ. කෙසේ වෙතත් සාර්තක වීමේ හැකියාව දිගින් දිගට IUI කරනවිට අඩු වෙනව. ඔබේ වෛද්ය වරයා නිර්දේශ කරන ආකාරයට ප්රතිකාර සඳහා යොමු වන්න. IUI 3කට වඩා කරන්න පෙර කලින් ඒවා අසාර්තක වීමට හේතුවක් ඇතදැයි සෙවීමට වැඩිදුර පරීක්ෂණ වලට…
Doctor Mage pregnancy ekata sathi 8i.scan ekedi doctor kiuwa babage heart beat normal kiyala.man babage arakshawata beheth pawichchi kirima awashyada?baba gena baya wenna Oni nadda…
ස්කෑන් පරීක්ෂණයේදී හෘද කියාකාරිත්වය සාමාන්ය නම් ගබ්සා වීමේ අවදානම අඩුයි. බෙහෙත් ලබා ගැනීමට ඔබේ වෛද්ය වරයා නිර්දේශ කරන පරිදි සිදු කරන්න. බඩේ වේදනාවක් හෝ රුධිර වහනයක් සිදු නොවේ නම් සති 13ක් වෙන විට ඊලඟ ස්කෑන් පරීක්ෂණය සිදු කිරීම ප්රමානවත්.
Doctor mage pregnancy ekata sathi 8. Sathi 8 scan ekedi babage gender eka danaganna puluwanda?
බැහැ. ස්කෑන් පරීක්ෂණයෙන් දැන ගැනීමට මාස 5ක් (සති 20ක්) පමන විය යුතුයි. නවීන non-invasive prenatal test නැමැති රුධිර පරීක්ෂණය මගින් සති 10න් දැන ගත හැකි නමුත් එය ඉතා මිල අධික පරීක්ෂණයක්
Dr.eka digata iui 3k karanna hodada .iui 2k karalath hari giye nethi nam masayakin passe 3 weni eka kalata kamak netida.
ගැටළුවක් නැහැ. නමුත් සාර්ථක වීමේ හැකියාව කලින් වරට වඩා අඩුයි. තුනවන වරටත් ආසාර්ක වුව හොත් ඊට හේතුව සොයා ගැනීමට පරීක්ෂණ කිරීම සුදුසුයි.
Dr mage baba masa pahedi water bag damage wela nathi una ahema wenna hithuwa mokada? A Wagema aeth ahema wanna puluwanda?
ඔව්. කලින් සිදුවීම නිසා නැවත එසේ වීමේ අවදානමක් තිබෙනව. නමුත් බොහෝ විට නැවත එවැනි තත්වයක් ඇති වෙන්නේ නැහැ. මෙයට හේතු වෙන්නේ යෝනි මාර්ගය හරහා විෂබීජ ආසාදනයන් ඇතිවීම. ඊට අමතරව, රුධිර වහනය, දුම් පානය වැනි හේතු නිසාත් මේ තත්වය ඇතිවෙනව.