Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctter mama pregnent mage dan 8weni mase yanne dan dawas ganaka indan mage ath dekai kakul dekai kasanawa chuti bibilith thiyanawa rata godak kasanawa mata doctter danaganna puluw…

පිළිතුර

අත් වල සහ පාදවල කැසීම කලාතුරකින් අක්මාවට බලපාන රෝගී තත්වයක ලක්ෂණයක් විය හැකි නිසා ඉක්මනින් ප්‍රසව හා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. ඉන් පසු මේ සඳහා ප්‍රතිකාර ගෙන සහනයක් ලබා ගත හැකියි.

Ni*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor lingika ekatu wimedi surantayata patvimedi kusa thula inna babata balapemak wenawada.. terapimakata ho lak wenawada..

පිළිතුර

නැහැ. ගර්භාෂ බිත්තිය සහ ඒතුල ඇති තරලය මගින් කලලය බාහිර බලපෑම් වලින් ආරක්ෂා වෙනව

Ko*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor.. mata sati 30 k wenawa... doc sacn ekan qwa... babage wadime sati 3ka gap ekak tiyanawa kiyala.... eka loku prashnayak weida... mata bayak danenawa baba kuda wei kiyala...…

පිළිතුර

රුධිර පීඩනය ගැන සැලකිලිමත් වෙන්න. මෙය තවත් වැඩිවීම සුදුසු නැහැ. බබාගේ ප්‍රමාණය නැවත පරීක්ෂා කිරීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. කලින් ස්කෑන් පරීක්ෂණය කල දින සිට දින 14කින් නැවත වෛද්‍ය වරයා හමුවී ස්කෑන් පරීක්ෂාවක් කරවා ගන්න. එහි ප්‍රතිඵල මත ඉදිරියට සිදුකල යුතු ප…

Ga*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor Mata Babala me.marry Kerala 6 years Geneva.den mass 6 kata kalin fibroids operation eka Kara.eka karala passe thamai mata mensud regular une.den mata mensus end a 10days kal…

පිළිතුර

බොහෝ කාන්තාවන්ට ඩිම්බ පිට වෙන්නේ ඊලඟ වර ඔසප්වීමට නියමිත දිනයට දින 14කට කලින්. ඒ අවත්ස්තාවේ සමහර කාන්තාවන්ට උදරයේ සුළු වේදනාවක් ඇති වෙනව. සරුකාලය කියන්නේ දල වශයෙන් ඩිම්බ මෝචනය වන දිනය අනුමාන කිරීමෙන් ගණනය කරගන්න කාලයක්. සාමාන්‍ය යෙන් ඊලඟ වර ඔසප් වීමට නියමිත දින…

Sh*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Danata thibena hodama prathipala dayakama upath palana behetha kumakda doctor? Eya bavitha karanne keseda?

පිළිතුර

බොහෝ හෝමොන අඩංගු උපත් පාලන ක්‍රම 99%කට වඩා සාර්තකයි. ඔබේ අවශ්‍යතාවය මතයි හොඳම ක්‍රමය තීරණය වෙන්නෙ. කෙටි කාලයකට පිළිසිඳ ගැනීම පමා කිරීමට නම් උපත් පාලන පෙති සුදුසුයි. වෛද්‍ය වරෙයෙකු හමුවී ඔබේ අවශ්‍යතාවය සාකච්ඡා කර ඔබට සුදුසු ක්‍රමය තෝරා ගන්න.

Ve*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata tiyana prassne giya awrudde mn pregant una namuth abosation una ...masa 4di...awruddakata passe mn dan aya pregnat tama masayai danagena...doctor palaweni para abostion…

පිළිතුර

බොහෝවිට මුල් මාස තුන තුල සිදුවෙන ගබ්සාවක් ඊලඟ ගර්භණී සමයට අහිතකර බලපෑමක් ඇතිකරන්නේ නැහැ. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂාවක් කරවා ගන්න. ඔබව පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍යනම් වෛද්‍යවරයා ඖෂධ නියම කරාවි්‍

Ku*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor eye man oben upadesak laba gaththa. Doctor mn bf ekka lingikawa ekathu wela danata dawas 8i. Mata me para mensas hadenna thiyenne 26 ath Ada ude Mata yoniyen mensas haduna w…

පිළිතුර

නියමිත පරිදි ඔසප් වීම සිදුවේ නම් ගැබ්ගැනීමක් ගැන බිය විය යුතු නැහැ. නමුත් රුධිරය පිටවීම සාමාන්‍ය ඔසප් වීමට වඩා වෙනස් නම් තව දින කිහිපයකින් මුත්‍රා පරීක්ෂාවක් කර සැක හැර ගන්න.

Ve*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mata giya mase menses hadune 20 wenida.me mase ada wenathuru thama menses une naha.mama thyroid walata beheth bonawa(tsh level eka 0.109).tsh level eka aduwela tibeddith babek h…

පිළිතුර

තයිරොයිඩ් හෝමෝන මට්ටම නිසි ප්‍රමාණයට තබා ගැනීම දරු පිළිසිඳ ගැනීමට වැදගත්. මේ සඳහා දෙන සමහර ඖෂධ ගර්භණී කාලයේ වෙනස් කිරීමට සිදුවෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් මත ප්‍රතිකාර දිගටම ලබා ගන්න.

D.*** · වයස 29
පිළිතුර කියවන්න