Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr, mata dn 2 weeks walata kalin yanthm Bindi bindu bleed una. Etkota mn pregnant 8 weeks. Mn hspitl giyama admit kargena scan kala. vegestone 200mg aragena gedradi hamdma mor & ni…

පිළිතුර

මෙම ඖෂධය දෙන්නෙ progesterone හෝමෝනය අඩුවීම නිසා ඇති විය හැකි ගබ්සාවන් වලක්වා ගන්න. බොහෝවිට ගබ්සාවන් වෙන්නේ කලලයේ යම් අඩුපාඩුවක් නිසා. එවැනි ගබ්සාවන් මෙම ඖෂධ මගින් නතර වෙන්නේ නැහැ.

Sh*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

sathi 21 garbani awsthawe vadamaha pahath vime daruwata saha mawata kse balapaida

පිළිතුර

නැවත සති 34න් පමණ ස්කෑන් පරීක්ෂණයක් කරන විට වැදෑමහ ඉහලින් පිහිටීමට ඉඩක් තිබෙනව. වැදෑමහ පහත්වීම කියන්නේ ගර්භාෂයේ පහල කොටසට වැදෑමහ සවි වී තිබීම. එවිට වැදෑමහ ගර්භාෂයෙන් ගැලවී රුධිර වහනයක් වීමේ ඉඩකඩ වැඩියි. අධික රුධිර වහනයක් සිදුවුවහොත් එය මවගේ ජීවිතයට පවා තර්ජනයක…

in*** · වයස 38
පිළිතුර කියවන්න
ගැටළුව

Sir. Folistim 100mg ganne mona prashnayatada. Aka dina 5k aragena menses vela dawas 10n vog dr meet venna kiuwa. Denaganna kiyanna puluwanda.

පිළිතුර

Clomiphene citrate (Folistim) ඩිම්බ කෝෂවල ඩිමබයක් සෑදීම උත්තේජනය කිරීමට දෙන ඖෂධයක්. මෙය නිවැරදිව ක්‍රියා කරනවාදැයි බැලීමට ස්කෑන් පරීක්ෂණයක් කිරීම අවශ්‍යයි. ඒ සඳහා දින 10කට පසු වෛද්‍ය වරයා හමුවෙන්න‍

An*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata 28weeks walin scan eken babage 2weeks gap eakak thiyenawa kiuwa.mage repots normal.baba podi wanna hethuwa mokakda doctor?mage baba lebunama prashnayak thiyeida?ehema p…

පිළිතුර

බබාගේ ප්‍රමාණය නැවත පරීක්ෂා කිරීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. කලින් ස්කෑන් පරීක්ෂණය කල දින සිට දින 14කින් නැවත වෛද්‍ය වරයා හමුවී ස්කෑන් පරීක්ෂාවක් කරවා ගන්න. එහි ප්‍රතිඵල මත ඉදිරියට සිදුකල යුතු පරීක්ෂණ සහ ප්‍රතිකාර තීරණය කල හැකියි. මෙයට හේතු ගැන මෙම ලිපියේ කර…

De*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

dr thartha gabsawa ( threatened misscarrage ) pilibada wistara tikak mta danagnna one. ehma wenne ayi ? tikak a pilibada pahadili karnna.

පිළිතුර

ගර්භයට හානියකින් තොරව මුල් මාස තුන තුල ඇති වෙන ලේ ගැලීම මෙලෙස හඳුන්වනව. බොහෝවිට වැදෑමහ ගර්භාෂයට සම්බන්ධ ස්ථානයෙන් සුළු රුධිර වහනයක් සිදුවී ඉබේම එය නතර වෙනව. මෙය සුලබ තත්වයක්. දිගින් දිගටම රුධිර වහනයක් සිදු නොවේ නම් බිය විය යුතු නැහැ.

sh*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, Husband ge shukranu wala pihineema hakiyawa adu nam ,Husbange paththe witharak prashnayak tiyanawa nam IUI akak kaloth aka sarthakada.IUI wala athuru Prathipala tiyenawada

පිළිතුර

ඔව්. IUI මේ වගේ අවස්තාවක සාර්තක ප්‍රතිකාර ක්‍රමයක්. බොහෝවිට සුළු අතුරු ආබාධ පමණයි ඇතිවන්නේ. කලාතුරකින් විෂබීජ ආසාදනය වැනි අතුරු ආබාධ IUI නිසා ඇති වෙනව.

pr*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

dr, mn article ekaka kiyeuwa mensz hadila 13, 14 daws deke lingikwa ek wimen labena daruwa pirimi daruwek wena bawath 15,16,17 daws wala ekatu wimen gahanu daruwek labena bawath. e…

පිළිතුර

මෙහි විද්‍යාත්මක සත්‍යයක් නැහැ. දරුවාගේ ලිංගය තීරණය වෙන්නේ ඩිමබය සංසේචනය වූ ශුක්‍රාණුවේ අඩංගු වර්ණ දේහ වර්ගය අනුවයි. පිරිමියෙකු පිටකරන ශුක්‍රාණු වලින් 50% ක (X chromosome) ගැහැණු වර්ණදේහත් 50%ක (Y chromosome) පිරිමි වර්ණදේහත් අඩංගුයි.

sh*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mama 17 week pregnant .tika kalekata kalin kassak thibuna kahinakota urine pass wena nisa mama pads anda .eta passe idala mata yoni margaya awata kaseemak athi una .athulath…

පිළිතුර

මෙය දිලීර ආසාදන තතවයක් විය හැකියි. ඔබේ වෛද්‍ය වරයා හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

su*** · වයස 29
පිළිතුර කියවන්න