Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr. Mata 2nd baby lebenna den sathi 32i eth mata loku badaginnak denene ne, poddai kanna uluwan . den babage bara scan eken balala kiwwa 1475kg kiyala bara madidida dr. mata dilive…

පිළිතුර

කලින් දරුවාගේ බර අඩු වීමට විශේෂ හේතුවක් නොතිබුනි නම් මෙය ජානමය තත්වයක් විය යුතුයි. දරුවා නිරෝගී නම් බර අඩුවීම ගැටළුවක් නොවෙයි. ගර්භණී කාලයේ ඔබ සාමාන්‍ය යෙන් ලබා ගන්නා ප්‍රමානයට ආහාර ගැනීම ප්‍රමාණවත්.

As*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor kalalayak garbashaye shakthimatwa thenpath wenna kochchara kalayak yanawada.. masa 3k yanakam hodata parisam wenna kiynne e nisada...

පිළිතුර

කලලයක් ගර්භාෂයේ තැන්පත් වෙන්නෙ ශක්තිමත් ලෙස. එයට බාහිර බලපෑම් නිසා හානි වෙන්නේ නැහැ. මුල් සති 12 (මාස 3) තුල කලලයේ සියළුම අවයව විකසනය වී අවසන් වෙනව. මේ කාලයේ යම් කිසි වීෂ ද්‍රව්‍යයකට නිරාවරනය වුවහොත් දරුවා ගේ අවයව වල අසාමාන්‍යතා ඇතිවිය හැකියි. ඒ නිසයි මුල් මාස…

Pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Arsas (අර්ස ස්) rogaya tiyena ayata babek hadanna berida. Mema prashnaya nisa mama itamat manasika pidanayata patwa eta. Iknan pilutural balaporottu wemi. Mama vivaha wela dena…

පිළිතුර

මදසරුබව සහ අර්ශස් රෝගය අතර සම්බන්ධයක් නැහැ. නමුත් ගර්භණී කාලයේ අර්ශස් රෝග තත්වය වැඩි වීමට ඉඩ තිබෙනව. දරු පිලීසිඳ ගැනීම පමා වෙන්නේ නම් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

Ha*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

mage biridata devani daru gabata dan masa5..doctot prakasha kala vadamaha pahathwela kiyala..aya ibema hari yanawada

පිළිතුර

සමහරවිට වැදෑමහ ඉහලට යන අවස්තා තිබෙනව. මෙය දැන ගැනීමට නැවත සති 34න් (මාස 7 1/2 කින්) ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතුයි.

in*** · වයස 38
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mama wivaha vela masa 7 k wenawa. Daruwek balaporottuwen inne. Masa 6 k piliwelin mata mensas une dina 28 kin, 36, 28, 31, 43 me mase denata dina 31 welat tama hedune ne. Me wi…

පිළිතුර

ඔසප් වීම අක්‍රමවත්වූ පමනින්ම දරුඵල පමා වීමට හේතුව කියන්න අමාරුයි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. ඔබගේ ඩිම්බ කෝෂවලින් සාමාන්‍ය පරිදි ඩිමබ පිටවීම සිදුවේනම් ඔසප්වීම අක්‍රමවත් වීම ගැන කලබල විය යුතු නැහැ. එසේ නැතිනම් මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත හැකියි

Ha*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, im suffering from thyroxine problem.it is less in my body.im taking 75microgrm daily.currently my thyroxine level is 1.81.is it too low?or average.three months ago i had a…

පිළිතුර

I assume you are referring to TSH level. In that case, It is normal. You can continue the same dose and meet your doctor with a new TSH report, in about six months time or when your are planning to become pregnant.

Is*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Sir . Folistim 50mg side effects thiyenawada. Awa gaththoth digatama ganna venawada. Dr mata kiwa mensess vela dawasakata passe me beheth aka dawas 5k bila 10th day akedi anna kiya…

පිළිතුර

Clomiphene citrate (Folistim) ඩිම්බ කෝෂවල ඩිමබයක් සෑදීම උත්තේජනය කිරීමට දෙන ඖෂධයක්. මෙය නිවැරදිව ක්‍රියා කරනවාදැයි බැලීමට ස්කෑන් පරීක්ෂණයක් කිරීම අවශ්‍යයි. ඒ සඳහා දින 10කට පසු වෛද්‍ය වරයා හමුවෙන්න‍

S.*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctar IUI sidu kirimen pasu mage udaraye yati bade ak peththaka vitin vita sium apahasu thawayak mata denenawa.meta perath mama IUI 1sidukara mewage deyak mata denune ne. Me kumak…

පිළිතුර

බොහෝ දුරට මෙය සාමාන්‍ය තත්වයක්. නමුත් IUI කිරීමේදී විෂබීජ ආසාදනය වැනි සංකූලතාවක් නිසාත් බඩේ වේදනාවක් ඇතිවිය හැකියි. එවැනි අවස්තාවක ප්‍රතිකාර අවශ්‍ය වෙනව. එබැවින් ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.

Sa*** · වයස 28
පිළිතුර කියවන්න