Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

mama 33 weeks pregnant kenek,mage kihili (ath deka yata) predese kesimak thiyenawa den sathi 3 ka withara idan ,skin eke rash momaath nm na.meka normal da neththam prathikara awash…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. දිගටම පවතී නම් වෛද්‍ය වරයෙකු හමුවී යම් කිසි ආසාදනයක් දැයි පරීක්ෂා කරවා ගෙන ප්‍රතිකාර ලබා ගන්න.

ma*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mama 17 week pregnant, mata 15 week withara idala babage movement danuna ,me mage 2nd pregnancy eka, eth samahara dawasata movement danennema nathi tharam ,mata diabetes ris…

පිළිතුර

දියවැඩියා තත්වය පරීක්ෂා කිරීමට නැවත රුධිර සීනි මට්ටම බලා ගත යුතුයි. ඒ අනුව ආහාර පාලනය හෝ ප්‍රතිකාර ගැනීම කල යුතුයි. රුධිර සීනි මට්ටම සාමාන්‍ය නම් දරුවා නිරෝගීව වැඩෙනව. එය වරින් වර කරන ස්කෑන් පරීක්ෂණ මගින් තහවුරු කර ගත හැකියි්‍

su*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage palamu daruwa labila masa 9i syser deweni daruwa labenna dina thiyenne may mula next year mata nomal daru prasuthiyak laba gatha hakida namuth palamu daru prasuthiyedi…

පිළිතුර

සිසේරියන් සැත්කමකට පසු වසරක් ඇතුලත නැවත ගැබ් ගතහොත් ගර්භාෂයේ ඇති කැලල එතරම් ශක්තිමත් නොවන නිසා සාමාන්‍ය දරු උපතකට සූදානම් වීමේදී එම ස්ථානයෙන් ගර්භාෂය ඉරී යාමට හැකියාවක් තිබෙනව. එම නිසා නැවත සිසේරියන් සැත්කමකට භාජනය වීම සුදුසුයි. එහෙත් නියමිත දිනට කලින් ප්‍රසූත…

Ch*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. මම බැදලා අවුරුදු 3ක් යනකල් ලමයෙක් හදා ගන්න බැරි උනා. දැන් මම සති 13 ක ගැබිණියක්. මට විටින් විට මූත්‍රා දැවිල්ල හැදෙනවා. වැඩිය වතුර Bonnath බෑ. කෑම කන්නත් බෑ. වමනෙත් යනවා. තව මට…

පිළිතුර

වමනය සහ ඕක්කාර ගතිය තව සති කිහිපයක් යද්දි පහව යනු ඇති. හැකි ප්‍රමාණයට දියර වර්ග ගන්න. විජලනයට ලක්වීමෙන් වැලකීම වැදගත්. වෛද්‍ය උපදෙස් අනුව කැස්සට ප්‍රතිකාර ගන්න. මේ සඳහා දරු ගැබට හානිකර නොවන ඖෂධ තිබෙනව.

R.*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mn sathi 10ka pregnant amma kenek.mn sati 6ka idan vageston 200 tablet eka bonawa.sati 8kin scan klama baba hodin kiwwa.babata sathi 10 pahuwelat vageston tablet eka biwwata…

පිළිතුර

ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ගර්භණී සමයේ වැදෑමහ මගින් නිපදවෙන හෝමෝනයක්. මුල් කාලයේ ප්‍රොජෙස්ටරෝන් අඩුවීම නිසා ඇතිවිය හැකි ගබ්සාවන් වලක්වා ගැනීමටයි මෙම ඖෂධය නියම කරන්නෙ. මෙය ගැනීමෙන් හානියක් වෙන්නේ නැහැ.

Pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Mata danaganna ona my wife folic acit meeta sathiyakata withara indala ganne.eth man babek hadanna elathu une 3week walata ihatha danata mata 9month puthek innawa cyser karala gath…

පිළිතුර

ගැබ් ගැනීමට පෙර සිටම ෆෝලික් ඇසිඩි ලබා ගැනීම දරුවාගේ ඇතිවිය හැකි ආබාධ අවම කිිරීමට හේතු වෙනව. නමුත් පමාවී හෝ මෙය ගැනීම ආරම්භ කිරීම සුදුසුයි. සිසේරියන් සැත්කමකින් පසුව නැවත ගැබ් ගැනීම වසරකින් පමා කිරීම සුදුසුයි. එවිට සැත්කම නිසා ගර්භාෂයේ ඇතිවූ කැලල ශක්තිමත් වීමට…

Ba*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

Mama marry karala 2 years 3 months wenawa.thawama lamai na.api marry karapu dawase indala try karanawa.

පිළිතුර

මදසරුබවට විවිධ හේතු තිබෙන්න පුළුවන්. පරීක්ෂණ වලින් පසුව අවශ්‍ය පරිදි ප්‍රතිකාර කල යුතුයි. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Re*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor.. mama garbani kanthavak..dan babata sathi 27k venava..OGTT test eke first hour eke blood suger 191 saha second hour eke 124 k vidiyata sandahan una.. mata VOG doctor ahara…

පිළිතුර

ආහාර පාලනයෙන් පසුව ඔබගේ රුධිර සීනි මට්ටම පරීක්ෂා කර බැලිය යුතුයි. එසේ බැලීමෙන් පසු සීනි මට්ටම සාමාන්‍ය නම් මෙහි ගැටළුවක් නැහැ. නමුත් රුධිර සීනි මට්ටම වැඩි නම් සීනි සහිත බීම වර්ග ගැනීම අහිතකරයි.

Pa*** · වයස 28
පිළිතුර කියවන්න