Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr.mama 12 weeks pregnant.mage kalul dekama ankle eka hariye kasanawa.etana dan rash ekak wage. Mage kakul hodatama dry.Meya garbani awastawe samanya deyak da.

පිළිතුර

සම වියලි වීම හෝ අසාත්මිකතාවයක් නිසා මෙය ඇතිවිය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවාගෙන අවශ්‍ය පරිදි ප්‍රතිකාර ලබා ගන්න. ප්‍රතිකාර මගින් මෙය සුවකර ගැනීමට පුළුවන්

Mu*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Shrakanu thanpath kirima garbanee wimata sarthaka kramayaktha ?sarthaka weeme prawanathawaya kopamanada

පිළිතුර

සමහර හේතු නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාදවන අයට මෙය සාර්තක ප්‍රතිඵල දෙන ක්‍රමයක්. එක් වරකදී සාර්තක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙනව‍

Sa*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර් මට episiotomy ගැන පැහැදිලි කිරීමක් කරන්න.මම සති 33ක ගැබිණියක්.

පිළිතුර

Episiotomy කියන්නේ දරු ප්‍රසූතිය අවස්තාවේ යෝනි මාර්ගයේ පිටුපසින් යොදන අඟල් 1 1/1ක පමණ කුඩා කැපුමක්. මෙමගින් දරුවාගේ හිස හිරවී ප්‍රසූතිය පමාවීම අවම කර ගන්න පුළුවන්. එමෙන්ම වැකුම් හො අඬු ආධාරයෙන් ප්‍රසූතිය සිදු කරන විටත් මෙය උපකාරී වෙනව. ප්‍රසූතියෙන් පසු දියවන ම…

කු*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Sir... mama garbani kanthavak..dan sathi 27k venava babata ..davasak dekak thisse mage yati bada vam paththe vedanavak thiyenava . Meka samanya thathvayakda neththam mama mekata va…

පිළිතුර

පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව පමණයි මෙය සාමාන්‍ය තත්වයක් දැයි නිගමනය කල හැකි වෙන්නේ. ඔබේ වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී උපදෙස් ලබා ගන්න.

Pa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,rubella ennatha saha pregnancy athara sambanda thawa mokakda?? Please explain

පිළිතුර

රුබෙල්ලා කියන්නේ වෛරසයක් මගින් ඇතිවන රෝගයක්. එය ගර්භණී මවකට වැලඳීමෙන් දරුවාට හානි වෙන්න පුළුවන්. ඒ නිසා ගැබ් ගැනීමට පෙර මෙම රෝගට එරෙහි ප්‍රතිශක්ති කරන එන්නත ලබා ගත යුතුයි. මෙම එන්නත ගෙන මාස 3ක් යන තෙක් ගැබ් ගැනීමෙන් වලකින ලෙස නිෂ්පාදකයින් අවවාද කරනව. නමුත් එන්…

F.*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Sir........ man pregnat wela sathi 6k wenawa. eth podi kerakillak appiriyawak vitharay samahara welawata thiyenne. Idiriyata mata meeta wediya amaru weyda

පිළිතුර

ගර්භණී කාලයේ ඇතිවන රෝග ලක්ෂණ එක් එක් මවට වෙනස් විදියටයි දැනෙන්නේ්‍. එම නිසා ඉදිරියට ඇතිවිය හැකි රෝග ලක්ෂණ ගැන දැන්ම අනුමාන කිරීම අපහසුයි.

sh*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Sir... mama pregnant wela sathi 6k wenawa. Sex kirimen babata balapemak wenawada.

පිළිතුර

නැහැ. සමහර සංකූලතා ඇති මවුවරුන්ට පමණක් ලිංගික සංසර්ගයේ නෙයෙදෙන ලෙස වෛද්‍ය උපදෙස් දෙනව. ඔබට එවැනි තත්වයක් ඇතිනම් ඔබ පරීක්ෂා කරන වෛද්‍ය වරයා පවසාවි.

Pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Sir, wayasa 36 weddi palamu daruwa pilisida ganima nisa gatalu athi wenna puluwanda?

පිළිතුර

සමහර ගැටළු ඇතිවීමේ අවදානම වයස 35ට අඩු මව්වරුන්ට වඩා වැඩියි. නමුත් බහුතරයකට සංකූලතා ඇතිවෙන්නේ නැහැ. ගැබ් ගත් වහාම ප්‍රසව හා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Sa*** · වයස 35
පිළිතුර කියවන්න