Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr...babek kyl danagena masa 3k wenakan lingika eka weewa nisa abotion wenwada?ehema ek wenna hoda nadda

පිළිතුර

නැහැ. ලිංගික එක්වීම සහ මුල් මාස තුන තුල සිදුවන ගබ්සා අතර සම්බන්ධයක් නැහැ

Ud*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

garbani samayedi nida genime wishesha iriyaw thiyanawada...nethinm samanya ayurin sitiya hekida

පිළිතුර

කෙලින් උඩුබැලි අතට නිදා ගැනීම සුදුසු නැහැ. දරුගැබ ලොකු වන විට මුනින් අතට නිදා ගැනීමත් අපහසුයි. වෙනත් ඕනෑම පහසු ඉරියව්වක නිදා ගැනීම ගැටළුවක් නැහැ.

Sh*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Ikman pilithurak balaporoththu vemi... Sir... mama pregnant..dan sathi 27k venava.. mama UFR ekak kara..eke report eke puss cells moderately field full yanuven sandahan venava.. me…

පිළිතුර

මුත්‍රා වල විෂබීජ ආසාදනයක් නිසා මෙය විය හැකියි. වෛද්‍ය වරයෙකු හමු වී තව මුත්‍රා පරීක්ෂණයක් කර මෙය තහවුරු කර ගන්න පුළුවන්. බොහෝ විට මෙයට ප්‍රතිජීවක ඖෂධ ගැනීම අවශ්‍ය වෙනව.

Pa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Mama menses hadimata niyamitha unu dinayedima sansargaye yeduna nisa postino 2 tablet eka gatta.. Ema nisa menses hadena dawasa kal ynna puluwanda? Pregnant weeme awadanamak thibed…

පිළිතුර

ඔව්. මෙම ඖෂධයේ අඩංගු ප්‍රෙජෙස්ටරෝන හෝමෝනය නිසා ඔසප් වන දිනය පමා වෙන්න පුළුවන්. මේ මගින් 100% ගැබ් ගැනීම වලක් වන්න බැහැ. නමුත් ඔසප් චක්‍රයේ අවසාන දිනයේ ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි.

Sh*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර් මට ගැබිනියක්. දැනට ගැබට වයස සති 35 ක් වෙනව.මේ මගේ පළමු දරු ප්‍රසූතිය,බබා නියමිත විදියට හැරිල ඉන්න නිසා ස්වාභාවිකවම දරුවා ලැබෙයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නෙ.ඒත් අත්දැකීමක් නැ…

පිළිතුර

ප්‍රසව වේදනා ඇතිව රෝහලකට ඇතුල් වූ පසුව ඔබේ ගැබ් ගෙල දරු ප්‍රසූතිය සඳහා සූදානම් දැයි දැන ගැනීමට යෝනි පරීක්ෂණයක් වෛද්‍ය වරයෙකු විසින් සිදු කරනව. ගැබ් ගෙල නිසි ලෙස විවර වී ඇතිනම් සූතිකාගාරයට ඇතුල් කරනු ලබනව. එහිදී අතට ඇතුල් කරන කුඩා කටුවක් ආධාරයෙන් දියර ඖෂධ වර්ග…

නර*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage blood group eka B- husband positive eka baby ta prashnayak weida

පිළිතුර

දරුවාගේ රුධිර ගණය + වුවහොත් පමණක් සුළු අවදානමක් තිබෙනව. ගැබ් ගත් පසු විශේෂඥ වෛද්‍ය සායනයකට සහභාගිවී පරීක්ෂා කරවා ගන්න. මේ අවදානම රුධිර පරීක්ෂණ මගින් කලින් අනුමාන කල හැකියි. එවිට අවශ්‍ය පරිදි පරීක්ෂා කර දරුවාට හානියක් වීම වලක්වා ගැනීමට හැකියාව තිබෙනව.

Di*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor man dan 4 weeks pregnant.dawasakata eka wathawak wage suda yanawa.kali kali wage pita wenne.meya rogayakda doctor.mage first baba sathi 32n nathi una.nathi wela dawas 5kata…

පිළිතුර

මෙය දිලීර ආසාදනයක් විය හැකියි. දිගටම පවතී නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. කලින් සංකූලතාව මෙවර බලපෑමක් ඇති කිරීමට ඇති ඉඩකඩ අවමයි.

La*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

ma sathi 15ka gebiniyak..mata denaganna oona baba dagalanna patanganne mona kaleda kiyla.eka ekinekata wenas wenawada.mage babage degaleemak denennethi nisa doctor kenekta pennanno…

පිළිතුර

දරුවා මුල සිටම චලනය වෙනව. මෙය මවට දැනෙන්නේ සාමාන්‍යයෙන් සති 16කට පමණ පසුව. නමුත් පලමු දරුවා බලා පොරොත්තු වන මවකට චලන දැනීමට සති 20ක් පමණ ගත වෙන්න පුළුවන්. මුලින් කල ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් සති 20ක් වන විට නැවත වෛද්‍ය වරයෙකු හමුවීම ප්‍රමාණවත්

Sh*** · වයස 24
පිළිතුර කියවන්න