Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ඩොක්ටර් මට ගැබිනියක්. දැනට ගැබට වයස සති 35 ක් වෙනව.මේ මගේ පළමු දරු ප්‍රසූතිය,බබා නියමිත විදියට හැරිල ඉන්න නිසා ස්වාභාවිකවම දරුවා ලැබෙයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නෙ.ඒත් අත්දැකීමක් නැති නිසා ගොඩක් බයයි.මට හොස්පිටල් අැඩ්මිට් වුනාට පසුව අපිට කරන පරීක්ෂණ,සිද්ධිදාමය විස්තර කරන්න පුළුවනිද?එවිට සූදානමක් ඇතුව යන්න පුළුවන්.එක එක අය විවිද දේ කියන නිසා බයයි.ස්තූතියි

අසන ලද්දේ: නර*** · වයස 32 · 847 views

පිළිතුර

ප්‍රසව වේදනා ඇතිව රෝහලකට ඇතුල් වූ පසුව ඔබේ ගැබ් ගෙල දරු ප්‍රසූතිය සඳහා සූදානම් දැයි දැන ගැනීමට යෝනි පරීක්ෂණයක් වෛද්‍ය වරයෙකු විසින් සිදු කරනව. ගැබ් ගෙල නිසි ලෙස විවර වී ඇතිනම් සූතිකාගාරයට ඇතුල් කරනු ලබනව. එහිදී අතට ඇතුල් කරන කුඩා කටුවක් ආධාරයෙන් දියර ඖෂධ වර්ග ලබා දෙන අතර වේදනා නාශක නික්ෂේපන ලබා දීමක් ද සිදු කරනව. සාමාන්‍ය දරු ප්‍රසූතියකට සූතිකාගාරය තුල සිටින කාලයේ පැය 4කට වරක් වත් වෛද්‍ය වරයෙකු ඔබව පරීක්ෂාකර බලනව.

දරු ප්‍රසූතිය පහසු කිරීමට කුඩා කැපුමක් යෙදීමට අවශ්‍ය වෙන්න පුළුවන්. සමහර විට ප්‍රසූතිය අවස්තාවේ සමහර විට යෝනි මාර්ගයේ ඉරීමක් ඇති වෙන්න පුළුවන්. එවිට නිර්වින්දන ඖෂධ භාවිතා කර හිරි වැටුන පසු වෛද්‍ය වරයෙකු විසින් එම ස්ථානයට මැහුම් කිහිපයක් යොදනව.

ප්‍රසූතියෙන් විනාඩි කිහිපයක් ඇතුලත දරුවා ඔබට බාර දෙන අතර ඉක්මනින්ම මවුකිරි දීම ආරම්භ කිරීමට පුළුවන්.