VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr.mama marry karala awuruddak birth control karala babek haduwa.sathi 7n miscarriag ekak una.dan masa 4 wenawa.dan ayeth babek hadanna vog sirgen upades labuna.masa 2 try kala tha…
එක වරක් ගබ්සාවක් වීම නිසා ඊලඟට එසේ වීමේ අවදානමක් නැහැ. දනහිස චලනය කිරීමේ අපහසුවක් දැනට නැතිනම් දරු ප්රසූතියකට එය බාධාවක් වෙන්නෙ නැහැ.
Dr...babek kyl danagena masa 3k wenakan lingika eka weewa nisa abotion wenwada?ehema ek wenna hoda nadda
නැහැ. ලිංගික සංසර්ගය සහ මුල් මාස තුන තුල සිදුවන ගබ්සාවන් අතර සම්බන්ධයක් නැහැ.
Mama wiwaha we sati dekak gata wee atha. Palmu ek weemedi rudira wahanayk sidu noweeya. Min pera lingika ekathu weemak wee nomatha. Me kumana hethuwak nisa wunde yanna danaganne ke…
රුධිර වහනයක් සිදුවීමට නම් කන්යා පටලය ඉරීයාමකට ලක් විය යුතුයි. සමහරවිට කන්යා පටලය ඇදෙන සුළු නිසා සංසර්ගයේ දී ඉරීමක් සිදු වෙන්නේ නැහැ. තවත් සමහර කාන්තාවන්ට උපතින්ම කන්යාපටලයක් පිහිටන්නේ නැහැ. මේ තත්වයන් ගැන ඔබ දෙදෙනාම අවබෝධයක් ඇති කර ගැනීම වැදගත්. වැඩිදුර විස…
Doctor mata may 31 menses heduna pasuwa me wanathuru menses hedunnehe mama marri karala awruthu 3 masa 6 thawama babala ne vog lagatath yanawa menses hethunne nethi nisa api hethuw…
මෙයට හේතුව සොයා බැලීමට ඔබව නැවතත් නාරිවේද වෛද්ය වරයා හමුවන්න. ස්කෑන් සහ රුධිර පරීක්ෂාවන් මගින් ඔබව පරීක්ෂාවට ලක් කිරීම අවශ්ය විය හැකියි.
දැනට මා අවුරැදු 04 ක් වෙනවා.බබාල නැතුව බෙහේත් ගත්තා. IUI කරා dr. දැන් මොකද්ද ගත යුතු පියවර
ඔබගේ වෙනත් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. පැලෝපීය නාල වල අවහිරතාවයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම වැදගත්. සමහර විට IVF ප්රතිකාරය අවශ්ය වෙන්න පුළුවන්. මදසරුබව පිළිබඳ සායනයකට සහභාගීවී උපදෙස් ලබා ගන්න.
doctor mge babata sati 10 tama.mge le wargayat husband ge le wargayat B positive.. eya mge ammage aiyage putha.meka ape babata prashnayk weyda..
රුධිර වර්ගය සමාන වීම ගැටළුවක් වෙන්නේ නැහැ. පවුලේ යම් කිසි සැඟවුන ජානමය රෝග තත්වයක් තිබුනහොත් එය දරුවාට ඇතිවීමේ අවදානමක් තිබෙන නමුත් එවැනි තත්ව එතරම් සුලබ නැති නිසා කලබල විය යුතු නැහැ.
Doctor,my 1st baby Dan 5years.eya emergency seeser.baba upath bara 4950g.wasara 4ta pasu nawatha pregnent wela,mass 4n incomplete miscarriage 1k una.wash kala.digatama folic gannaw…
නැවත සිසේරියන් සැත්කමකට භාජනය වීම අනිවාර්ය නැහැ. සිසේරියන් සැත්කමකින් පසු සාමාන්ය දරුඋපතක් සඳහා හැකියාව තිබෙනව. නමුත් දරුවාගේ බර සහ වෙනත් ඇතිවිය හැකි සංකූලතා අනුවයි මෙය තීරණය කල යුතු වෙන්නේ.
Dr norethisterone bp 5mg tablet eka bila nawaththapuwama menses hedenawa kiwa dr mata dena ganna one tablet eka bona eka nawatha next day menses hedenawada neththam dina gananak pa…
ඔබේ ගැටළුව පැහැදිලි නැහැ. වෛද්ය වරය මෙම ඖෂධය නිර්දේශ කිරීමට හේතුව අනුවයි නැවත වෛද්යවරයා හමුවිය යුතුදැයි තීරණය කල යුතු වෙන්නේ. Norethisterone වල අඩංගු වෙන්නේ progesterone හෝමෝනය. මෙය ලබා ගන්නා කාලය තුල ඔසප් වීම සිදු වෙන්නේ නැහැ. ඖෂධය නතර කර දින කිහිපයක් ඇතුලත…