Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr. Mata period hedhunama dawas 13k withara yanawa . Ealanga masse samaharak welawata period hedhenne nea Dan mng marry karanna yanne mea problem eka hindha mata pregnant wena chan…

පිළිතුර

දින 13ක් රුධිර වහනය පැවතීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙයට හේතුව සොයා බැලිය යුතුයි. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ඒ අනුව අවශ්‍ය නම් ප්‍රතිකාර ලබා ගත හැකි අතර දරුඵල නැතිවීමට මෙය හේතුවක් වෙන්නේ නැහැ.

Fa*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Dr Mata ectopic pregnancy ekak awit right side tube ekat ekkama eka remove kala.tawada Mata adenomyosis tiyanawa.ekata laporoscopy ekak karanna kiyala Mage kalin doc kiwwa.mata den…

පිළිතුර

ශල්‍යකර්මයෙන් සති 6කට පසුව නැවතත් අවශ්‍යනම් ශල්‍යකර්මයකට භාජනය විය හැකියි. Adenomyosis තත්වයට ශල්‍යකර්මයක් අවශ්‍යදැයි තීරණය කල හැකි වෙන්නේ ඔබගේ ස්කෑන් පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලීමෙන් අනතුරුවයි. නැවත ectopic එකක් ඇතිවීමේ සුළු අවදානමක් තිබෙනව. නැවත ගැබ් ගත් ව…

Ir*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

mage maseka osapdinaya 27 wenidai.namUth July 27 wana Dina Mata Ithama kuda pramanayak osap uwada .E saninma eya nawathuna.eeta Tika dawasakin ma garbanI parikshawak kala.eya posit…

පිළිතුර

ස්කෑන් පරීක්ෂණයකින් දරුගැබ සාමාන්‍ය ලෙස පෙනේ නම් කලින් සිදුවූ රුධිර වහනය එයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මුල් මාසයේ මෙලෙස රුධිර වහනයන් ඇතිවිය හැකියි. එය ඉබේම නැවතුනි නම් එමගින් හානියක් වෙන්නේ නැහැ.

Sh*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr man palamu baba lebenda hospital admit wenda thiyenne August 10. normal lebenwa kiyala kiwwa. nala hodin pirisidu wela anda kiwwa. mata danganda ona mn yoniye roma ewath karagen…

පිළිතුර

නැහැ. එසේ රෝම ඉවත් කිරීම අනිවාර්ය නැහැ. ඔබේ කැමැත්ත මත අවශ්‍යනම් රෝම ඉවත් කල හැකියි.

Ac*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Date scan report eke GA(LMP) 13 weeks and GA(AUA) 12.2 weeks. CRL eka 5.8cm GA(AUA). Mata dan 13 weeks bt ei doctor crl eka 12.2weeks walata measure kare. E deke wenasa mokakda? Ba…

පිළිතුර

මෙම ගණනය කිරීම කරන්නේ දරුවාගේ දිග මැනීම මගින්. මෙමගින් අනුමාන කරන දිනය ඔසප්වීම සිදුවූ දිනය යොදාගෙන අනුමාන කරන ප්‍රසූත දිනයට වඩා නිවැරදියි. ඔබේ මෙම දින අතර වෙනස දින 5ක් පමණක් නිසා එය ගැන එතරම් සැලකිළිමත් වෙන්න අවශ්‍ය නැහැ. ඊලඟ ස්කෑන් පරීක්ෂාවේදී වෛද්‍ය වරයාගෙන්…

Pi*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor normal baba lebena ekada siser krana ekada godak amaru... me mge 1st baby..

පිළිතුර

සාමාන්‍ය දරු ප්‍රසූතියට පෙර ප්‍රසූත වේදනා ඇති වෙනව. මේ සඳහා වේදනා නාශක ක්‍රම ගොඩක් දැන් තිබෙනව. සිසේරියන් සැත්කම කරනවිට වේදනාවක් ඇති වෙන්නේ නැති නමුත් ඉන් පසු බඩේ කැපුම නිසා වේදනාව ඇති වෙනව. මෙම වේදනාව දින ගනනාවක් පවතින්න පුළුවන්.

Pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mta lebenna inne palaweni baba.ane mta hari bayay delivery ekata.normal lebena kota yoni pradeshayata kepumak yodanawa neda.ane doctor eka sanipawenna godak kal yanawada.hir…

පිළිතුර

කැපුමක් යොදන්නේ අවශ්‍ය නම් පමණයි. මෙය සාමාන්‍ය යෙන් හිරි වැටීමට ඖෂධයක් ලබා දී සිදු කරන්නේ. එහි යොදන මැහුම් සම්පූර්ණයෙන් සති දෙකක් තුල සුව වෙනව.

Pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Anthima masa wala lingikawa ekwima babata hoda nathda ekan baba normal hambuwenna udau wenawada

පිළිතුර

දරු ප්‍රසූතිය පහසුවීමක් සිදු වෙන්නේ නැහැ. සංකූලතාවයක් නිසා එසේ නොයෙදෙන ලෙස ඔබේ වෛද්‍ය වරයා උපදෙස් ලබා දී නැතිනම් ලිංගිකව එක්වීම දරු ගැබට හානියක් වෙන්නේ නැහැ්‍

Ha*** · වයස 28
පිළිතුර කියවන්න