Skip to main content
ප්‍රශ්නය

එපිසියොටොමි කැපුම කියන්නේ මොකක්ද?

What is an episiotomy?

ඩොක්ටර් මට episiotomy ගැන පැහැදිලි කිරීමක් කරන්න.මම සති 33ක ගැබිණියක්.

අසන ලද්දේ: කු*** · වයස 32

Episiotomy කියන්නේ දරු ප්‍රසූතිය අවස්තාවේ යෝනි මාර්ගයේ පිටුපසින් යොදන අඟල් 1 1/1ක පමණ කුඩා කැපුමක්. මෙමගින් දරුවාගේ හිස හිරවී ප්‍රසූතිය පමාවීම අවම කර ගන්න පුළුවන්. එමෙන්ම වැකුම් හො අඬු ආධාරයෙන් ප්‍රසූතිය සිදු කරන විටත් මෙය උපකාරී වෙනව.

ප්‍රසූතියෙන් පසු දියවන මැහුම් යොදන අතර මෙය සති දෙක තුනකින් සම්පූර්ණයෙන් ම සුව වෙනව. සෑම දරු ප්‍රසූතියකටම එපිසියොටොමි යෙදීම අවශ්‍ය වෙන්නේ නැහැ.