VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
ලැපරොස්කොපි හා හිසටොරොස්කොපි වල වෙනස පැහැදිලි කරන්න ඩොක්ට..
ලැපරොස්කොපි කියන්නේ උදරය ඇතුලට කැමරාවක් දමා පරීක්ෂාකර බලන ක්රමයට. හිසටොරොස්කොපි කියන්නේ ගර්භාෂය ඇතුලට යෝනි මාර්ගය සහ ගැබ්ගෙල හරහා කැමරාවක් ඇතුල් කර ගර්භාෂයේ ඇතුලත පරීක්ෂා කර බලන ක්රමයකට. මේ ගැන වැඩි විස්තර ඉදිරි ලිපියකින් බලා පොරොත්තු වෙන්න.
mama marry karala 2years wenawa.mage Periods harima akkramawath.vog kenek meet wela dimba moranna beheth gaththath eka sarthaka une ekaparai anith awastha thunema dimba merimak une…
මෙයට ශල්යකර්මයක් අත්යවශ්ය නැහැ. ඖෂධ ප්රතිකාර මගින් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. මදසරුබව පිළිබඳ සායනයකට සහභාගීවී උපදෙස් ලබා ගන්න.
dr mama loop ekak dala den 3 years vitara venava. Mage gab gela ek thenak thadata ahu wenava. Nula balanna allapubama ahuune. Hariyata gatayak vage. Mama kala uththe kumakda.
මෙය බොහෝවිට සාමාන්ය තත්වයක්. සැක හැර දැන ගන්න නම් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගත යුතුයි.
Doctor pregnant kiyala dena genimata mulinma pita karana muthra walin pamanada dena genimata puluwan.dahawal kaleyedi a sadaha bavitha kara pasu balagatha nohekida
නැහැ. සති 4න් දැන ගැනීමටයි එසේ අවශ්ය වෙන්නේ. සති 5කට පසු ඕනෑම වෙලාවක මුත්රා පරීක්ෂා කර ගර්භණීදැයි දැන ගන්න පුළුවන්.
Dr.man denata marry karala masa 6.api ikmanatama daruwek balaporottu wenawa.eth mata periods hadenne nea kramawathwa.vog kenekuta pennuwama scan karala qwa dimba kosha wala wathura…
මෙයට වෛද්ය අධීක්ෂණය යටතේ දිගටම ප්රතිකාර ගැනීම අවශ්යයි. ප්රතිකාර වලට අමතරව ශරීරයේ බර අඩුකර ගැනීමට ව්යායාම වල යෙදීම සහ ආහාර පාලනය කිරීම කල යුතුයි. එමගින් දරු පිළිසිඳ ගැනීමකට ඇති හැකියාව වැඩි වෙනව.
Dr. Bus akaka kedichcha paarawal wala yanakota godak gessenawane sir. mul maasa 3 ahema gessenna hoda nadda.
එය දරු ගැබට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ගබ්සාවන්ට මෙය හේතුවක් වෙන්නේ නැහැ.
doctor, loku fibroid 1k thiyena kenek pregnant unoth nomal delivery ekakata yanna barida ??
පුළුවන්. සිසේරියන් සැත්කමක් අවශ්ය වෙන්නේ දරුවා උපදින මාර්ගය අවහිර වෙන පරිදි ගර්භාෂයේ පහල කොටසේ ෆයිබ්රොයිඩ් ගෙඩි ඇති විට පමණයි.
Dr mn swimming karana girl kenek. mage ekili kessem nithara athi wenawa. a ai Dr ? yoni pradeshaye rooma nisa da ? mn godak wela wathure inna 1 balapanawada?
මෙයට දිලීර ආසාදන හේතු වෙන්න පුළුවන්. එම ප්රදේශය වියලිව තබා ගන්න. රෝම ඉවත් කිරීම අවශ්ය නැහැ.