VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor,sisseriyan sethkama kara denata masa hatharak unath mage agata harima amarui.kondata bohetha vidapu thena konda hodatama ridenawa.daruwa sodala pihidannawath pahathwenna be…
මෙය සාමාන්ය තත්වයක් නොවෙයි. වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
docter mata babala 2innwa. mata docter kassak awama kiwisumk yana wita muthra yanawa. podi kassatat ahemai. hembirissawa hadunama kassa aka digatama tiyena wita godak muthra yanawa…
දරු ප්රසූතියෙන් පසුව සමහර කාන්තාවන්ට මේ තත්වය ඇතිවෙනව. මුත්රාශයේ ගෙල කොටස සහ මුත්රා මාර්ගය යෝනි මාර්ගය පැත්තට තරමක් පහත්වීම තමයි මෙයට හේතුව වෙන්නේ. මෙය සුළු ශල්යකර්මයක් මගින් නිවැරදි කල හැකි තත්වයක්. ඊට පෙර පරීක්ෂණ කල බැලිය යුතුයි. නාරිවේද විශේෂඥ වෛද්ය වර…
Dr mata podi kale idalama polycystic ovarian syndrome kiyana de tibuna eth mama marry karata passe eka wadiwuna apita awurudu 4 kin babek labune dan babata awurudu 3 I lede wadi wu…
ඔබේ ශරීරයේ බර තවදුරටත් පාලනය කර ගන්න. ඔසප් වීම අක්රමවත් යනු ඩිම්බ මේරීම අක්රමවත් බවයි. එම නිසා ඔබේ විශේෂඥ වෛද වරයා හමුවී මෙයට ඖෂධ ප්රතිකාර ලබා ගන්න.
සර් මම විවාහ වෙලා අවු 2 1/2 පමණ වෙනවා. තවම මට බබෙක් නෑ. වැඩිවිය පැමිණුන කාලයේ පටන්ම මගේ යෝනි මාර්ගයෙන් සුදු පැහැති ශ්රාවයක් පියවිය. නමුත් මා විවාහ වීමට පෙර ඒ කිහිප වාරයක්ම ප්රතික…
නැහැ. මෙය සාමාන්ය තත්වයක්. මෙමගින් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. දරු පිළිසිඳ ගැනීම වසර 2කට වඩා පමාවී ඇති නිසා එයට හේතුව සොයා බලා ප්රතිකාර කිරිම අවශ්යයි. නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
doctor mata mensess piliwelta wennema na. masa 3 parak wage wenne.. a nisa mata 2 baba labuna plan karannatuwma.. mama doctorta pennuwama eya dunna mensess wenna tablet 1. dan doct…
ගැබ් ගැනීම වලක්වා ගෙන මාසිකව ඔසප්වීම සිදුවීමට සාර්තකම ප්රතිකාරය වෙන්නේ උපත් පාලන පෙති ලබා ගැනීමයි. ඔබේ වෛද්ය වරයා හමු වී මේ ගැන උපදෙස් ලබා ගන්න.
mage 2nd baby, mata godak kannath be, giya mase baladdi babage bara 1470kg tibune me mase 21/08/2016 baladdi 2880kg kiwwa masayakata echchara wedi wenna puluwanda doctor, mata date…
ඔව්. සමහර විට ස්කෑන් මගින් අනුමාන කරන බරට වඩා දරුවාගේ සැබෑ බර වෙනස් වෙන අවස්ථා තිබෙනව. දැනට අනුමාන කරන බර 2880ක් නම් දරුවාගේ උපත් බර සාමාන්ය වීමට ඉඩ කඩ තිබෙනව.
Doctor mama sathi 18i dina5ka gebiniyk..mata thawamath mage baba dagalana eka denenne nee..sathi 16n karapu scan eken baba hodata innwa kiyala vog doctor qwa.thawa dina 2kin mata m…
සති 20-21ක් පමණ වන තෙක් දරුවාගේ චලන නොදැනෙන අවස්ථා තිබෙනව. ඒ ගැන කලබල වෙන්න එපා. සායනයේදී ඔබව පරීක්ෂා කර අවශ්ය නම් පමණක් ස්කෑන් පරීක්ෂණයක් කල හැකියි.
ඔබතුමන්ගෙ පිලිතුරට බෙහෙවින් ස්තුතියි.මට ගබ්සාවිම් කිහිපයක්ම සිදු වි ඇත.අයි.යු.අයි ප්රතිකාරද කිහිපයක්ම සිදු කර ඇත.නමුදු සමාන්ය පිළිසිදගැනිම් පහක් සිදු වි මස තුන පිරිමට පෙර ගබ්සා ව…
බොහෝවිට මින් සැලකිය යුතු අතුරු ආබාධ ඇතිවෙන්නේ නැහැ. නමුත් සාර්ථක වීමට ඇති හැකියාව 30%-40%ක් පමණ වෙන්නේ. පුද්ගලික ආයතන මගින් පමණක් මෙම ප්රතිකාරය ලබා ගත හැකි නිසා මෙවැනි මාධ්යයක් එක් ආයතනයක් නම් කිරීම එතරම් සුදුසු නැහැ. ඔබේ නාරිවේද වෛද්ය වරයො පුද්ගිකව හමුවී ස…