Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

සර් මම විවාහ වෙලා අවු 2 1/2 පමණ වෙනවා. තවම මට බබෙක් නෑ. වැඩිවිය පැමිණුන කාලයේ පටන්ම මගේ යෝනි මාර්ගයෙන් සුදු පැහැති ශ්‍රාවයක් පියවිය. නමුත් මා විවාහ වීමට පෙර ඒ කිහිප වාරයක්ම ප්‍රතිකාර සඳහා යොමු වුණද එය රෝගයක් නොව සාමාන්‍ය තත්වයක් බව වෛද්‍ය නිගමනය විය. විවාහයෙන් පසු මා ගැබ් නොගත් නිසා ප්‍රසව හා නාරිවේද වෛද්‍යතුමෙකු යටතේ ප්‍රතිකාර ගත් අකර එහිදී High Vaginal Swab for Full Report (Microscopy) නැමති වාර්තාව ලබා ගන්නා ලදී. ඒ අනුව candid v gel නැමැති ඹෟෂධය ලබා දෙන ලදී. නමුත් එම තත්වය අඩු නොවිණි. මෙය බබෙක් ලබා ගැනීමේදී ගැටළුවක් වේද?

අසන ලද්දේ: රෝ*** · වයස 30 · 368 views

පිළිතුර

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. මෙමගින් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. දරු පිළිසිඳ ගැනීම වසර 2කට වඩා පමාවී ඇති නිසා එයට හේතුව සොයා බලා ප්‍රතිකාර කිරිම අවශ්‍යයි. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.