VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr. PCOS kiynne bade thel kiyana 1da, wathura bibilida. Kisima scan 1k nokara vog dctr mata kiwwa a lede thiyenwa kiyala. Auruddaka indan babekta try karanne duinum 50mg masa 3k bi…
මෙය නිවැරදිවම දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයකට යොමුවිය යුතුයි. වෛද්ය පරීක්ෂාවකදී අනිකුත් රෝග ලක්ෂණ මගින් ඔබට මෙම තත්තවය ඇති බවට සැක කල හැකියි. මදසරුබව පිළිබඳ සායනයකට සහභාගීවී සුදුසු පරීක්ෂණ වලින් අනතුරුව ප්රතිකාර ලබා ගන්න.
dr osap weemath samaga athiwana wedanawata hethu kumakda...........meya darupala nathiveema sadaha badawakda.....
මෙය බොහෝ හේතු නිසා වෙන්න පුළුවන්. එන්ඩොමෙට්රියෝසිස්, ෆයිබ්රොයිඩ් වැනි හේතු දරුඵල පමා වීමටත් බලපෑ හැකියි. ඔබට එසේ තත්වයක් ඇති දැයි නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගත හැකියි.
Sir..... mama marry karala one year passe thamai pregnant une. Baba mase 4 k itiya. In pasu baba sound ne. Kiyala kiwwa bawa eliyata ganna one kiyala kalin 3 month wala scan eken b…
නැවත ඔසප් වීමෙන් පසු පිළිසිඳ ගැනීමට උත්සාහ කල හැකියි. මෙවැනි තත්ව ඇතිවීමට හේතුව හරියටම කියන්න අපහසුයි. නැවතත් එසේ වීමේ අවදානම අඩුයි.
Doctor mama marry karala masayai. Mata dan sathiyakata pera chickenpox haduna. Mata babek hadanna kopamana kalayak sitiya uthuda?
සම්පූර්ණයෙන් පැපොල රෝගය සුව වූ පසු ගැබ් ගැනීමක් සිදුවුව හොත් ඉන් දරුවාට බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් තව මාස දෙකක් පමණ ගැබ් ගැනීමෙන් වැලකී සිටීම වඩා සුදුසුයි.
Dr.matadanaganda ona osap una dawase idan keeweni dawasedida ekathu wenda ona dawas keeyak ehema inda onada
දරු පිළිසිඳ ගැනීමකට සරු කාලය තුල වරක් හෝ දෙවරක් පමණ සංසර්ගෙයේ යෙදීම ප්රමාණවත්. සරු කාලය ඔබට අවසන් වරට ඔසප්වීම සිදුවූ දින සිට දින 12ත් 16ත් අතර ලෙස සැලකිය හැකි නමුත් එය ඔසප් චක්රයේ කාල සීමාව අනුව වෙනස් වෙනව.
Docter garbhani satahan pothe pramuka kotasa shroni kuharaya thula pitihima H 4/5 kiyala dala tiyanwa e kiyanne mokadda.tnks
දරුවාගේ හිස උකුල ප්රදේශයේ පහලටම තවමත් පැමිණ නැති බවයි මින් කියවෙන්නේ. එය දරු ප්රසූතියට ලංවන විට පහලට පැමිණිය හැකි නිසා කලබල විය යුතු තත්වයක් නොවෙයි.
Ma vivaha wee danata masa 5 wenawa. Eth ohu samaga ek weemedi mata le pita weemak une na. Man meeta pera wena kisiwaku samaga lingika sabadath pawathwada natha. Mata hariyatama dan…
සමහර විට පරීක්ෂා කර කන්යා පටලය ඇදෙන සුළුද, උපතින්ම විශාල විවරයක් සහිතව පිහිටියේද යන්න වෛද්ය පරීක්ෂණයකින් පැවසිය හැකියි. නමුත් මෙය ස්ථිරවම පැවසීමට අපහසු වන අවස්ථාත් තිබෙනව. නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
dr.........maa wiwahka kaantawaki.mage husbandta maa ekka ekatu weemedi dawillak wage hatagannawalu.elesama maa hatat dawillak ati wei .eyata S F A testing ekak karanna kiwwa.maa h…
මෙය ශුක්රාණු පරීක්ෂණයක්. බොහෝවිට මෙය සිදුකරන්නේ මදසරුබවට හේතු සොයා බැලීමට. කලාතුරකින් විෂබීජ ආසාදනයන් නිසා මෙම වාර්තාවේ වෙනස්කම් දැකිය හැකියි. විෂබීජ ආසාදනයක් ඇති බවට සැක කරන්නේ නම් vaginal swab පරීක්ෂණයක් මගින් ඔබව පරීක්ෂා කිරීම මෙයට වඩා සුදුසුයි.