Skip to main content
ප්‍රශ්නය

IVF එක සාර්ථක වෙන්න කීප වතාවක් කරන්න වෙනවද?

Does IVF have to be repeated several times to succeed?

ඔබතුමන්ගෙ පිලිතුරට බෙහෙවින් ස්තුතියි.මට ගබ්සාවිම් කිහිපයක්ම සිදු වි ඇත.අයි.යු.අයි ප්‍රතිකාරද කිහිපයක්ම සිදු කර ඇත.නමුදු සමාන්‍ය පිළිසිදගැනිම් පහක් සිදු වි මස තුන පිරිමට පෙර ගබ්සා විය.අයි.යු.අයි වලින්ද සර්තක ප්‍රතිපලයක් නොලැබු හෙයින් අයි.වි.එෆ් ප්‍රතිකරයක් කිරිමට බලපොරොත්තු වෙමි.අයි.යු.අයි මෙන් එයද කිහිපවරක් කිරිමට සිදු වෙදො කියා මා තුල බියක් පවති.එයට වැය වෙන මුදල කිහිපසැරයක් කිරිම මා හට දැරිය නොහැකි විම මෙයට හෙතුවයි.තවද අතුරු ආබාද වැලදෙද යන්න දැන ගැනිමට කැමති.අයි.වි.එෆ් එකක් විස්වසනියව සාර්තකව කර ගැනිමට ස්තනයක් පැවසිමට හැකිද?

අසන ලද්දේ: Ta*** · වයස 31

බොහෝවිට මින් සැලකිය යුතු අතුරු ආබාධ ඇතිවෙන්නේ නැහැ. නමුත් සාර්ථක වීමට ඇති හැකියාව 30%-40%ක් පමණ වෙන්නේ. පුද්ගලික ආයතන මගින් පමණක් මෙම ප්‍රතිකාරය ලබා ගත හැකි නිසා මෙවැනි මාධ්‍යයක් එක් ආයතනයක් නම් කිරීම එතරම් සුදුසු නැහැ. ඔබේ නාරිවේද වෛද්‍ය වරයො පුද්ගිකව හමුවී සුදුසු ආයතනයක් පිළිබඳ උපදෙස් ලබා ගන්න.