VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor iui ekak kalata passe sustain tablet eka hari wena e wage tablet ekak ganna kiyanne ai? Ehema nathuwa iui karala kisi tablet ekak gaththe nathtam pregnet wenna tiyana awasth…
මෙය අත්යාවශ්ය නැහැ. ප්රෙජෙස්ටරෝන් හෝමෝන මට්ටම අඩු වීම නිසා කලාතුරකින් ගබ්සා සිදුවෙනව. එවැනි තත්වක් ඇතිවීමට අවදානමක් ඇති කාන්තාවන්ට ගබ්සාවක් වලක්වා ගැනීමට මෙම ඖෂධ ගැනීම උපකාරී වෙනව.
Doctor periods hedila hoda uwain pasu daws kiyakata pasuda saru kalaya.saru kalayedi akata sitiya pasu dawas kiyakin pasuda pregnants kiyala pennum karanne.
සරු කාලය තීරණය වෙන්නේ ඔසප් චක්රයේ කාල සීමාව සහ අවසාන වරට ඔසප් වීම සිදුවූ දිනය මතයි. දින 28ක ඔසප් චක්රයක් ඇති කාන්තාවකට නම් අවසාන වර ඔසප්වීම ආරම්භ වූ දින සිට දින 12ත් 16ත් අතර කාලය සරු කාලය ලෙස සලකන්න පුළුවන්.
Mensus hedena sathiyakata vithara kalin thada Brown colour ekata dots bleeding veemata hethuva kumakda
මෙයට විවිධ හේතු බලපෑ හැකියි. බොහෝ විට මෙය සිදුවෙන්නේ ඩිම්බ මෝචනය වන අවස්තාවේ හෝමෝන මට්ටම් අඩු වැඩි වීම නිසයි. කලාතුරකින් ගැබ්ගෙලේ අසාමාන්ය තත්වයන් නිසාත් මෙවැනි රුධිර වහනයක් සිදුවිය හැකි නිසා වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
Dr.. mata baba labila masa4i. Thama menses une naa. Akata doctor kenekta pennanna onada?.
නැහැ. ඔබ මවුකිරි දෙනවා නම් මාස 6ක් පමණ වන තෙක් ඔසප් වීම පමා වෙන්න හැකියාව තිබෙනව. මෙය සාමාන්ය තත්වයක්
Mata mage husband ekka ekathu unata pahuwada idan yati bade wedanawak bada peralena gathiyak thiyanawa.kanna be.wamaneta enawa.loose motion ekakauth haduna.beheth gaththata aduwak…
මෙය සාමාන්ය තත්වයක් නොවෙයි. ආසාදනයක් හෝ වෙනත් රෝග තත්වයක් නිසා මෙය ඇතිවේදැයි සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Doctor mata periods hadenna dawas 4 k 5 k kata kalin indalama bada ridenna gannawa. Meya samanya thathwayak da? Mama daruwaku balaporoththuwen inne.
මෙය ගර්භාෂයේ යම් ආසාමාන්යතාවයක් නිසාත් සිදුවිය හැකි බැවින් නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
docter mn bedala den awrudu 3i.den mata ligika washayen ekata inna asawa adui.e nisa api athara prashna ethi wenawa.e wagema ekata inna awshya shrawan magen pita wennet ne.me thatw…
ගර්භණී කාලයේ හෝමෝන වෙනස් වීම සහ මානසික වෙනස්කම් නිසා මේ වගේ තත්වයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඔබට කලින් සිට මේ තත්වය තිබූ නිසා මීට හේතු වන මානසික තතවයන් සොයා බැලිය යුතුයි. දෙදෙනාම ගොස් මානසික වෛද්ය වරයෙකු හමු වී සාකච්ඡා කරන්න.
Dr mage bara 40 kg.mn etha kettui.mn mary karala awruddak wenawa .mn danma mawak wenna sudusu nadda.
බර වැඩි කර ගැනීමට උත්සාහ කරන්න. එය සාර්තක වෙන තෙක් ගැබ්ගැනීම පමා කිරීමට අවශ්ය නැහැ.