VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr garbhani mawak ha garbhani bawa apekshawen sitina kanthawange poshanaya gena oun gatha uthu ahara warga monawada gena lipiyak pala karanna hekinam ewei ahara warga kipayak kiyan…
ඔබ එදිනෙදා ගන්නා ආහාර දිගටම ගැනීම ප්රමාණවත්. ගර්භණී සමයේ පෝෂණය ගැන මේ ලිපියේ වැඩිදුර කරුණු අඩංගු වෙනව.
Doctor mata periods hadenne masa dekakatawarak .mama vog kenek langata giyahama kiuwa dimbakosha wala wathura gediyak tiyenawa kiyala.beheth dunna periods hadenna. mage konde godak…
ඔබේ ස්කෑන් පරීක්ෂණ වාර්තාව නොමැතිව මෙයට නිසි පිළිතුරක් දීම අසීරුයි. සාමාන්ය හෝමෝන ක්රියාකාරිත්වය නිසි පරිදි නොවීම නිසි ඔසප්වීම පමා වීමත් හිසකෙස් වල ගැටළුත් ඇතිවිය හැකියි.
doctor mata oluwe kakkumak tibuna.check karama migraine kiuwa.ekata beheth dunnath man pregnant una nisa biuwe ne.dan hamadama naala iwara unama dawas 3k witara yanakal eka digatam…
ගර්භණී කාලයේ මුල් මාස කිහිපය පසුවන විට බොහෝ දෙනෙක්ට migraine හිසරද තත්වය අඩුවෙනව. එතෙක් වේදනා නාශක ඖෂධ ගැනීම කල හැකියි. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් මත paracetamol වලට වඩා ප්රබල වේදනා නාශකයක් ලබා ගත හැකියි. එමගින් දරුවාට හානි වෙන්නේ නැහැ.
Dr mata dana ganna puluwanda pearid hadanna lan wana kota piya huru daka ridanna ai kiyala
ඔසප් චක්රයේ අවසාන කාලය වන විට ශරීරයේ ප්රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම ඉහල යනව. එමගින් වැඩිපුර පියයුරු වල ජලය එක්රැස්වන නිසා සුළු ඉදිමුමක් සහ වේදනාවක් ඇතිවෙන්න පුුළුවන්
dr, mn daruwan nomathi kamin vog doctor kenek lagata giya. Eya scan karala mta masayak fetvin tablet eka ganna kiuwa. Periods hadila dewani dawase enna kiuwa. Eta passe mokda krnne…
ඔබේ ඩිම්බ කෝෂ වලින් සාමාන්ය පරිදි ඩිම්බ පිටවීම සිදු නොවේ නම් එයට ඖෂධ මගින් ප්රතිකාර කල හැකියි. ඖෂධ ප්රතිකාර සමග වරින් වර ස්කෑන් පරීක්ෂාවන්ට ලක්විය යුතුයි.
Doctor, Mama marry karala 2years 3months wenawa. Doctor kenek lagata giya. 12 day plan 6k kara elangata iui 4k kala. 4 weni eka me mase kare. Eka success nethnam laparoscopy karala…
IUI අසාර්තක වී ඇති නිසා ඊට හේතුව සොයා බලන්න laparoscopy පරීක්ෂාවක් කිරීම සුදුසුයි. polycystic ovaries වලට laparoscopy මගින් ප්රතිකාර කිරීමට වඩා සාර්තක අතුරු ආබාධ අඩු ඖෂධ ප්රතිකාර තිබෙනව.
Mage dathu pitawanne aduwen.man marry karala 3 year wenawa. Thama babala ne.mata denaganna oni count eka wedi karaganne kohomada kiyala.
Sperm count එක වැඩි කිරීමට ඖෂධ ගැනීම එතරම් සාර්තක නැහැ. ඊට වඩා IUI වැනි ප්රතිකාර ක්රමයකට යොමුවීමෙන් සාර්තක ප්රතිඵල ලබා ගන්න පුළුවන්.
progestron adu nisa pregnant wennnadda. ekata wisaduma laparoscopyda. iui kalot asrtaka wewida sir
Laparoscopy මගින් progesterone මට්ටම වෙනස් කරන්න බැහැ. ඔසප් වීමෙන් දින 21කට පසු ප්රොජෙස්ටරෝන් මට්ටම අඩු නම් එයට හේතුව ඩිම්බ මෝචනය සිදු නොවීමයි. මෙයට ඖෂධ ප්රතිකාර තිබෙනව.