VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Mata deparakma aboshan una.deweni wara aboshan une giya mase.man nawatha ikmaninma babek balaporoththu wenawa.deparakma aboshan unu nisa thun weni wara ema awadanama walakwa ganima…
ඊලඟ වර මුත්රා පරීක්ෂණය පොසිටිව් වූ වහාම නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න. එවිට අවශ්ය නම් ඖෂධ වර්ගයක් ආරම්භ කල හැකියි. කලින් ඖෂධ ලබා ගැනීමට අවශ්ය නැහැ.
(Meh prashnayata doctor dunna pilithura mata hoyaganna bery una doctor) doctor mage yaluwekta babala nethi nisa doctor kenek consult kera.. e doctor scan eken hoyagatta meyata eggs…
මෙය දරුණු රෝගි තත්වයක් නොවෙයි. ප්රතිකාර තිබෙන නිසා එලෙස සැඟවීමට අවශ්ය නැහැ. හෝමෝන නික්ෂේපන ඖෂධ තරමක් මිල අධිකයි. සුදුසු පරිදි පරීක්ෂා කර ඊට වඩා අඩුමිල ඖෂධ වලින් වුවත් මේ තත්වයට ප්රතිකාර කල හැකියි.
aurudu 5 k wanawa thama babala na osap vimath akramawath makata visadumak labadanna
මෙයට හේතුව පරීක්ෂණ කර බැලිය යුතුයි. ඉන් පසු සුදුසු පරිදි ප්රතිකාර කල හැකියි. නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Dr. period wela 28 days Walin urine test ekak kaloth results pennanawada.Namuth mata period wenne 31 days walin.
ඔසප් වීම දින 31කට වරක් සිදුවේනම් දින 31කට පසුව මුත්රා පරීක්ෂා කර බැලිය යුතුයි. ඉන් පෙර පොසිටිව් වීමට ඉඩකඩ අඩුයි.
dr babala nathi hethuwa primi kenagenam eyata blapana hethu monawada
ශුක්රාණු නිපදවෙන ප්රමාණය අඩුවීම හෝ ශුක්රාණු නැතිවීම තමයි ප්රධාන හේතුව වෙන්නේ. ඊට අමතරව නිපදවෙන ශුක්රාණුවල ගුණාත්මක බව අඩු වෙන අවස්ථාත් දක්නට ලැබෙනව. මේවා ශුක්රාණු පරීක්ෂා කිරීමෙන් සොයා ගන්න පුළුවන්.
Dotor dimba pita weemedi garbashaye athi dimba siyalla egg pita karanawada ehema nattam eka dimbayak pamanak mora egg pita karanawada nattam vivida welawanwaladi dimba morana akara…
සාමාන්යයෙන් මසකට පිටවෙන්නේ එක ඩිම්බයයි. දෙකක් හෝ තුනක් පිටවෙන අවස්ථා තිබෙන නමුත් එය එතරම් සුළබ නැහැ. එවිට එම ඩිම්බ සියල්ල එකම කාල සීමාවකදීම මෝරා පිටවෙනව. බොහෝ දුරට ඩිම්බ පිටවෙන දිනය වෙන්නේ ඊලඟ වර ඔසප් විමට දින 14කට පෙරයි.
Doctor,periods date eken dina keepayakata pasu home test eka magin gabinibawa dana gata hakida
පුළුවන්. එය නෙගටිව් නම් සතියකින් පමණ නැවත පරීක්ෂා කර බැලිය යුතුයි.
doc baba labunata passeth api danata ganna natocare,calsi D,ferrup tablets ganna oneda
ප්රසූතියෙන් පසු තව සති 6ක් පමණ මෙම ඖෂධ ලබා ගැනීම වඩාත් සුදුසුයි.