VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor api marry karala dan 2yrs.thawama babala naha.oba thuma hamuviya hakida a kohed? mona dawaswala mona time walada?
කොළඹ ප්රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.
DOCTOR, mage weight eka 85kg,height 163 i, mage 1st baby abotion una 18feb2016di, dan api babek balaporoththuwen inne,man office yanakota denims thamai godak adinne,ekath balapanaw…
ගබ්සාවන් අඳින ඇඳුම් වැනි බාහිර සාධක බලපාන්නේ නැහැ. ඔබේ බර තරමක් වැඩිනිසා බඩේ මේද ස්ථරය ගනකම් වීම නිසා ස්කෑන් පරීක්ෂණ කිරීම අපහසු වෙනව. ඒ වගේම එය හෝමෝන ක්රියාකාරිත්වයටත් බලපාන නිසා දරු පිළිසිඳ ගැනීම පමා වෙන්න පුළුවන්. ආහාර පාලනය සහ ව්යයාම වල යෙදෙන්න.
මා මාස 7ක ගැබණි මවකි මාගෙ රුදිර්යෙ සීනි මට්ටම ඉහල ගොස් ඇති බැවින් දිනකට මා ගත යුතු ආහර වර්ග මොනවාද යන්න දැන ගැනීමට අවශ්ය් වෙ
සීනි අඩංගු ආහාර වලින් වැලකී පිටි අඩංගු ආහාර ප්රමාණය අඩු කරන්න. එළවළු සහ පළතුරු වැඩි පුර ආහාරයට එක් කර ගන්න. ප්රධාන ආහාර වේල් වල ප්රමාණය අඩු කර එම වේල් අතර තුර කෙටි ආහාර වේලක් ලබා ගන්න.
වෛද්යතුමනි, මම දැනට සති 35 වන ගර්භනී මවක්.වයස 25 .මගේ bmi අගය 18 ක් තිබුණි.එසේ නමුත් නියමිත පරාසය තුල බර වැඩි වෙමින් ඇත.වෛද්යවරුන්ද වර්ධනයේ අඩු බවක් පෙන්නා දී නැති නමුත් මගේ උදරය…
ස්කෑන් පරීක්ෂණ වලින් දරුවාගේ වර්ධනය සාමාන්ය ලෙස හඳුනාගෙන ඇති නම් මේ ගැන බිය වෙන්න හේතුවක් නැහැ. නැතිනම් ඔබේ වෛද්ය වරයා හමුවී ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න.
Dr i have long day period than usual.my periods date is september 05.but its stil have.i have bleed small drops..is it serious or not? My mentual cycle is usual.
This is not normal. You can get treatment to control the duration of bleeding.
Dr,i m in third month of pregnancy. I take one vomikind tablet once a day.is there any side effects
You can take this medication according to your doctors advice. There are no significant effects to the baby.
Doctor Mata Dan puthek innava awurudu 3 mass 9.danata mama lup eka dagena inne.thava babekta me sudusu kalayada? Lup eka galewa vigasin Babek balaporoththu viya hakida.thankx
ඔව්. ලූපය ඉවත් කල පසු ඊලඟ මාසයේ වුවත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
Doctor iui karalath sarthaka nowana awasthawala e lanagata tiyana prathikarma monawada?
අසාර්ථක වෙන්න හේතුව සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ අවශ්යයි. එම පරීක්ෂණ වලින් හේතුවක් සොයා ගත නොහැකි නම් ivf වෙත යොමුවීම සුදුසුයි