VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr mata danaganna puluwanda thyroid (low)ati ayekuta babek labenna awoth thyroid nisa babata prashnayak wenawada kiyala?esema dr mata thytoid low wela tibila tsh agaya august wala1…
ඔබගේ TSH අගය සාමාන්ය නිසා මෙය දැනට ගැබ් ගැනීමට ගැටළුවක් නොවෙයි.
Doctor mama pregnants denagena thama sathiyai.ath mage yati bada tiken tika sulu wedanawak denenawa.hema welawema ne.meya samanya deyakda.nethnam mama me sadaha prathikara gatha ut…
බොහෝ දුරට මෙය සාමාන්ය තත්වයක්. නමුත් කලාතුරකින් දරුගැබ ගර්භාෂයෙන් පිටත පිහිටි අවස්ථාවලදී බඩේ වේදනාවක් ඇති වෙනව. හරියටම මෙය දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් සිදුකල යුතුයි.
Dr, mata laparoscopy ekak kala doctor kiuwa dimba koshayak thalila tibuna kiyala ehema wenna hethuwa mokakda? Thawa endometric wage tibila pichchuwa kiyala. Gab noganeemata ihatha…
ඔව්. එන්ඩොමෙට්රියෝසිස් තත්වය නිසා දරුඵල නැතිවෙන්න ඉඩ තිබෙනව. මෙය ශල්යකර්මයේදී සම්පූර්ණයෙන් ඉවත් කර නැතිනම් තව දුරටත් හෝමෝන ප්රතිකාර මගින් පාලනය කල යුතු වෙනව.
Doctor pregnancy lakshana wge dewal mata tikak dan thiyenwa eth mge HCG test eka negative.test eka negative wela precnant lakshana enna puluwn da
නැහැ. සැකයක් ඇතිනම් නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බලන්න.
doctor mama husma gannakota mage bada pimbenawa.husma ganna godak apahasue.rata godak wadiwenawa.sarin sare papuwath ridenna gannawa kondath akka.beheth ahemath gaththa adu une na.…
ඔබ ගර්භණී නම් මින් සහනයක් ලබා ගැනීමට වෛද්ය උපදෙස් මත සුදුසු ඖෂධයක් භාවිතා කල හැකියි.
Dr, mata dena ganna ona purushayege shuknu panaya kalohoth emagin daru gebak hata ganwada yanna, tawada ewa panaya keremen shareeraye bara wediwemak siduweda yanna,
මෙම ගැටළු දෙකටම පිළිතුර නැත යන්නයි. ආහාර මාර්ගය සහ ඔබගේ ප්රජනක පද්ධතිය අතර අභ්යනතර සම්බන්ධයක් නැති නිසා මෙය විය නොහැකියි. බර වැඩිවීමට තරම් විශාල ශුක්රාණු ප්රමාණයක් එක් පුද්ගලයෙකුට නිපදවීමට හැකියාවක් නැහැ.
Doctor, mata IUI 4k fail wuna nisa laparoscopy test ekak kala yuthu bawata nirdesha kara thibenawa. Eya sidu kirimen pasu selakilimath wiya yuthu karunu monawada? Mata MVP ekakda t…
MVP මෙයට බලපෑමක් ඇති කරන්නේ නැහැ. මෙම පරීක්ෂණය මා සිදු කරන්නේ එදිනම රෝහලෙන් බැහැර යාමට හැකියාව ලැබෙන එක් දින ශල්යකර්මයක් ලෙස. ඉන් පසු ඇතිවෙන අතුරු ආබාධ අවම නිසා විශේෂයෙන් ප්රවේශම් වීමට අවශ්ය නැහැ. පරීක්ෂණය කරන අවස්ථාවේ ඔබ ගර්භණී නොවන බවට තහවුරු විය යුතු නිස…
doctor,මෙ මගෙ 28 වෙනි ගැබිනි සතියයි.ආහාර ගැනීමෙන් පසු හා එසේ නොමැති අවස්තාවල පවා තදබල ලෙස පපු ප්රදෙශයෙ හිර වීමක් සිදුවෙනව.දරා ගැනීම ඉතා අපහසුයි.doctor ගේ නිර්දෙශය මත gaviscon බෙහෙ…
මෙය පාලනය කිරීමට වෛද්ය නිර්දේශ මත සුදුසු ඖෂධයක් ලබා ගත යුතුයි. බොහෝ විට මීට හේතු වෙන්නේ ආමාශයේ අම්ල ගලනාලය වෙත ඉහලට ගමන් කිරීම. ගර්භණී කාලයේ මෙය බහුලව දක්නට ලැබෙන තත්වයක්.