VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Private hospital ekak haraha laparoscopy test ekak kirimeedi samanyayen kopamana piriweyak (dala washayen) weya wedei denagatha hekida? Thank u sir
මෙය රෝහල සහ වෛද්ය වරයා අනුව වෙනස් වෙනව. දල වශයෙන් රුපියල් 75000ත් 125000ත් අතර මුදලක් වැය වෙනව.
Dr garbashaya idimima darupala nathovimata blapanawada.........meyata thibena prathikara monawada .....prathikara karata pasu darupala labeida plzzz dr kiyannna
ඔව්. ස්කෑන් පරීක්ෂණයකින් මෙය නිවැරදිව හඳුනා ගෙන සුදුසු පරිදි ප්රතිකාර කල හැකියි. එමගින් දරුඵල ලබා ගැනීමට හැකියාව තිබෙනව. එක් ස්ථානයක පමනක් ඉදිමීම ඇතිනම් ලැපරොස්කොපි සැත්කමක් මගින් එම කොටස සම්පූර්ණයෙන් ඉවත් කල හැකියි.
Doctor mata laparoscopy and dye test ekak kara.adata hariyatama 1week.doctor mata thama kema kanna be hariyata godakma apilai kema dakkama.eye idan seren sere muthra yanawa 30parak…
මෙය සාමාන්ය තත්වයක් නොවෙයි. මුත්රා ආසාදනයක් හෝ වෙනයම් ආසාදනයක් ඇතිදැය පරීක්ෂා කර බලා ප්රතිකාර කල යුතුයි
docter rata idi kana kana aka H.B agayata balapanwada.man vegerain atakota mata kanda hoda mona kemad a
නැහැ. කොළ පාට එළවළු සහ පලා වර්ග වැඩිපුර ආහාරයට එකතු කර ගන්න. එසේ නැතිනම් යකඩ පෙති ලෙස ලබා ගත හැකියි.
Doctor iui kirimedi wedanawak denenawada.eya sidu karanne keseda doctor.mata bayai themath karanawa kiwwama.man laparoscopy ekak kala ekath normal.husbange report ekath nomal.lapar…
ගැබ් ගෙල හරහා ඉතා සිහින් බටයක් ඇතුල් කර එමගින් ගර්භාෂය තුලට ශුක්රාණු ඇතුල්කිරීමටයි මෙහිදී සිදුවෙන්නේ. මේ සඳහා විනාඩියකට අඩු කාලයක් ගතවෙන්නේ. එම අවස්තාවේදී ඉතා සුළු වේදනාවක් ඇතිවේන නමුත් ඉන් පසු එය සම්පූර්ණයෙන් පහව යනව.
suda yama gab ganimata badawakda? meya nittawatama suwa karaganne keseda? kihipa watawak pratikara kalath kisima suwayak ne.masa 3k try karalat gab nogenimata hethuwa me tatwayada?
මෙය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. සුදයාම ලෙස බොහෝ විට සලකන්නේ ගැබ්ගෙලෙන් සහ යෝනි මාර්ගයෙන් පිටවන සාමාන්ය ස්රාවයන්. මෙය රෝග තත්වයක් නොවන නිසා සුව කිරීමක් අවශ්ය වෙන්නේ නැහැ. ඔබට කරදරයක් වන පරිදි ඉතාමත් අධික ලෙස ස්රාවයන් පිටවේනම් ගැබ්ගෙලෙහි එම ස්රාව පිටවන කොටස…
Doctor laparoscopy ekakin pasu lingikawa sambanda wiya hakke kopamana kalayakata pasuwada?
සාමාන්ය ලැපරොස්කොපි ශල්යකර්මයකින් සතියකින් පමණ පසු ලිංගිකව එක්වීම කල හැකියි. ලැපරොස්කොපි ක්රමයට ගර්භාෂය ඉවත් කරන ශල්යකර්මයට පසු ඊට වඩා කාලයක් ලිංගික එක්වීමෙන් වැලකී සිටිය යුතු වෙනව.
Dr mata kalinuth mage prashnawalata pilithuru dunna.eyata obathumata godak pin.dr mata menses anthimata une august 23.mata 29day walin hariyatama menses wenawa.eth me para thama me…
දැනට තයිරොයිඩ් හෝමෝන මට්ටම පාලනය වී ඇති නිසා මෙම ප්රතිකාර දිගටම ලබා ගත හැකියි. ගැබ් ගත් වහාම නැවත පරීක්ෂාකර අවශ්යනම් ප්රතිකාර වෙනස් කල හැකියි.