Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr. mama baba labunata passe Depo provera injection 1 gannawa. dan 1 year witara wenawa. mata muladi periods depaarak wage haduna. eth dan 6 months walin periods na. meka injection…

පිළිතුර

ඩිපෝ ප්‍රොවෙරා ඖෂධය ලබා ගනිද්දී සාමාන්‍ය පරිදි පිළිවෙලට ඔසප් වීම සිදු නොවෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. මෙය වසරකට වැඩි කාලයක් ගත හැකියි. නමුත් දිගු කාලයක් මෙම ඖෂධය අවශ්‍ය නම් ඊට වඩා සංකූලතා අඩු හෝමෝන තැන්පතු කරලක් හෝ උපත් පාලන ලූපයක් වැනි ක්‍රමයක් භාවිතා ක…

na*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage sperm mattama adu bawin mage vog paternia tablets and vitamin E laba dunna masa 3kata.ein mage sperm mattama ihala nanwa gatha hakida

පිළිතුර

බොහෝවිට මින් වෙනසක් සිදු වෙන්නේ නැහැ. නැවත පරීක්ෂා කර බැලීමෙන් හරියටම තත්වය දැන ගන්න පුළුවන්.

Pr*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,mama lingikawa ekathu wela mata menses weddi le witarai giye mama lingikawa ek wee dina 30kin karapu HCG test ekath negative.me mase menses parakku wela dina 5k wenawa.giya…

පිළිතුර

මේ ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ. ඔසප්වීම ප්‍රමාදවීමට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ලිංගික එක්වීමෙන් දින 30කට පසු මුත්‍රා නෙගටිව් නම් සහ ඉන් පසු නැවත ලිංගික එක්වීමක් සිදු නොවිනි නම් ඔබ ගර්භණී වීමට හැකියාවක් නැහැ.

Is*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

doc mata menses wenne masa 2kata serayak.samahara masa wala dawas 45n wage menses wenawa.me tatwaya daruwek lebimata badawakda.

පිළිතුර

ඔව්. ඔබට සාමාන්‍ය පරිදි ඩිම්බ පිටවීම සිදු නොවීමට ඉඩ තිබෙනව. ඒ ගැන පරීක්ෂා කර සුදුසු ඖෂධ ප්‍රතිකාර ලබා දිය යුතුයි.

Ni*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Mama danata 11 weeks gabiniyak. Scan pareekshanayak karanna oni sathi keeyenda. Mage 1st baby

පිළිතුර

සති 11ත් 13ත් අතර කාලයේ මුල්ම ස්කෑන් පරීක්ෂණය කිරීම සුදුසුයි.

An*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage aga ushnai kiyala sinhala wedamahaththyek kiuwa. Api badala awuruddak wenawa thama badala na api mokada krnna orna

පිළිතුර

දරු පිළිසිඳ ගැනීම පමා වීමට හේතුව පරීක්ෂා කර බැලිය යුතුයි. ඉන් පසු සුදුසු ප්‍රතිකාර ලබා ගෙන දරුඵල ලබා ගැනීමට පුළුවන්. ඇඟ උෂ්ණ වීම බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව දරුඵල නැතිවෙන හේතුවක් නොවෙයි.

Ma*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mama pregnant, 7 weeks wenawa. mage ath 2ma tikak kasanawa asamahara welawan walata. eya gataluwakda?

පිළිතුර

මෙය දරුණු සංකුලතාවයක් විය නොහැකියි. නමුත් පරීක්ෂාකිරීමකින් තොරව හරියටම හේතුවක් පැවසිම හෝ ප්‍රතිකාර කිරීමට හැකියාවක් නැහැ.

ra*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

doctor පීකුදු, විටමින් A tyena ahara warga pregnant ayata knna hoda nadda..

පිළිතුර

ඔව්. විටමින් A අධික ලෙස ගැනීම දරුගැබට හානිකර වෙන්න පුළුවන්. ඒ වගේම පීකුදුවලත් දරුගැබට හානිකර විෂ ද්‍රව්‍ය තිබෙන්න පුළුවන්.

Pr*** · වයස 25
පිළිතුර කියවන්න