VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mama pregnant kiyala danagena dawas dekai danata.mage yati bade wedanawak vitin vita athi wenawa.gedara wada pala kirima sudusuda?kalata kamak nadda
සාමාන්ය ලෙස වැඩකටයුතු කිරීම සුදුසුයි. තද වේදනාවක් ඇතිනම් දරුගැබ සාමාන්ය ලෙස පිහිටා ඇතිදැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතුයි.
සති 21 න් scan පරීක්ශාව කරන විට vog doctor පැවසුවා, වැදෑමහ පහලින් පිහිටා ඇතිබව. දුර ගමන් නොයාම හා ලින්ගිකව එකතු නොවන ලෙස උපදෙස් දුන්නා. මෙය බිය විය යුතු කරුනක් ද?
කලාතුරකින් මේ නිසා නවතා ගැනීමට අපහසු ලෙස අධික රුධිර වහනයක් වෙන්න පුළුවන්. නමුත් ගර්භාෂය විශාල වන විට වැදෑමහ පිහිටි ස්ථානය වෙනස් විය හැකියි. ඒ නිසා නැවත ස්කෑන් පරීක්ෂණයක් කරන විට වැදෑමහ සාමාන්ය ලෙස ඉහලින් පිහිටීමට හැකියාවක් තිබෙනව.
mama vivaha wela awrudu 3 k mata thawama babala ne docto mata oba thumagen me pilibadawa wisthara danaganeemata puluwanda.
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. පරීක්ෂණ ප්රතිඵල අනුව සුදුසු ප්රතිකාර කල හැකියි. මා හමුවීමට අවශ්ය නම් 0716921921 අමතා වේලාවක් වෙන්කර ගන්න.
dr..mama pregnent dan sathi 21 wenawa. mage weight eka 123kg.BMI eka 48. mage reports tests hamadeyakma normal.namuth dan sathi 2 3 ka idan mage yoni margaya (vergina) eke kakkumak…
මෙයට හේතුව පරීක්ෂාකිරීමෙන් තොරව පැවසීම අපහසුයි. හේතුව අනුවයි කලයුතු දේ තීරණය වෙන්නේ.
Doctor... Man meeta pera doctor gen prashna ahala pilithuru labagena tibenawa. Mata baba hamba wela masa 2 & half , baba hambawela eka digata dawas 20k bleed una... Aye dawas 30kin…
මව් කිරි දෙන කාලය තුල ඔසප්වීම සිදු නොවීම හෝ අක්රමවත් ලෙස ඔසප්වීම සිදුවිය හැකියි. එය සාමාන්ය දෙයක්. ගැබ් ගැනීමකට ඉඩක් ඇතිනම් මුත්රා පරීක්ෂා කර බලන්න. එසේ නැති නම් මේ ගැන කලබල වීමට අවශ්ය නැහැ.
Dorctor man badala danata masa 4k wenewa api geya masa babak hadanne heteya eth eke hari geyena? ehame wenne puluwanda? salasum kala mul awasa eheme weya hakide
ඔව්. සමහරවිට කිසිම ගැටළුවක් නැතිවත් පිළිසිඳ ගැනීම පමා වෙන අවස්ථා තිබෙනව. දිගටම පිළිසිඳ ගැනීමක් සිදු නොවේ නම් ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි.
Dr, mata menses wenna dina 4k prmadai. Konda wedanawa saha yati bada kora weemak danenawa. Gana lesa suda pita weemakda wenawa. Pregnent tape eken test karath eke negative. Man pre…
මෙම ලක්ෂණ මගින් ගැබ් ගෙන ඇතිදැයි කියන්න බැහැ. ඔසප් වීම තව දුරටත් ප්රමාද වේ නම් දින කිහිපයකින් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න.
Dr mta osap weema hedune10/2 mage saru dina kawadada
සරු කාලය තීරණය වෙන්නේ ඔබේ ඔසප් චක්රයේ කාල සීමාව සහ අවසන් වරට ඔසප්වීම සිදුවූ දිනය අනුවයි. එම කරුණු පහත පිටුවේ ඇතුලත් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. http://www.vog.lk/fertility.php