VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
21 days valin karana progesterone test eke mage report eke result ekata thibbe 1 kiyala. babek hadanna meka mata prashnayak veida?
මින් අදහස් වෙන්නේ ඊට පෙර මාසය තුලදී ඔබේ ඩිම්බ පිටවීමක් සිදුවී නැති බවයි. මෙයට හේතුව අනුව සුදුසු ප්රතිකාර කල යුතුයි. එමගින් දරුඵල ලබා ගන්න පුළුවන්.
Dr normal baba labunama nawatha lingika ek wenna sudusu kopamana kalayakunda? Seecer akak karama kopamana kalayakinda?
එලෙස කාල සීමාවක් නියම කරන්න බැහැ. මේ සඳහා ඔබේ වේදනාවන් සමනයවී, මානසිකව එයට සූදානම් වන තෙක් සිටිය යුතුයි. සාමාන්යයෙන් මෙයට සති 4-6ක් පමණ ගතවෙනව.
Doctor mata hema masekama dawas 30kats warak perios heduna ath giya mase mata godak parakku una dina 47kata pasu hedune me para mage saru dawasa gananaya karanne keseda.me vidiyata…
ඔසප් චක්රය අක්රමවත් නම් නිවැරදිව සරු කාලය ගණනය කිරීමට හැකියාවක් නැහැ. ඔබට සාමාන්ය පරිදි ඩිම්බ පිටවීම සිදුවේදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. එසේ නැතිනම් ඒ සඳහා ඖෂධ ප්රතිකාර අවශ්ය වෙනව.
Man badala masa 6k.api mula edanma babek gana hethuwa. Eth thama na. Man doctor kenek hamu wemata kal vadida
ඔව්. ඔබ දෙදෙනාගේ යම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි. පරීක්ෂණ වාර්තා සාමාන්ය නම් තව මාස 6ක් පමණ ප්රතිකාර වලින් තොරව උත්සාහ කල හැකියි.
Doctor urine test ake uda line aka red colour pennuwa pregnants line aka laga red line akak nethuwa red patata lawasa boda wela wGe thibuna.ahe wenne kumak nisada.a pregnants laksh…
නැහැ. ඉරි දෙකම එක සමානව දක්නට නොලැබේනම් එය නෙගටිව් ලෙසයි සලකන්නේ.
Doctor mage periods date pahu vi me mase 2wenidata dawas 17k wenawa anam eye dawasata.mama dina 14kin urine test akak kara aka negitive.oya kiwwa thawa sathiyakin apahu balanna kiy…
බොහෝවිට මෙයට හේතුවෙන්නේ ඩිම්බ කෝෂ වලින් මාසිකව ඩිම්බ පිට නොවීම. එවිට හෝමෝන ක්රියාකාරිත්වය අක්රමවත් නිසා නියමිත දිනට ඔසප් වීම සිදුවෙන්න් නැහැ. මේ තත්වයට පරීක්ෂා කර බලා හෝමෝන ඖෂධ මගින් ප්රතිකාර කල යුතුයි. එමගින් දරුඵල ලබා ගැනීමට හැකියාව තිබෙනව.
dr.mn marry karala 3 month mage wife 23 api 2na lingikawa ekathu wenna haduwath wife ta aka wedanawaklu age yoni margayata mage seksanaya athul wenne na aya pawasanawa mage seksana…
මෙය වැජිනිස්මස් කියන තත්වය නිසා විය හැකියි. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. මෙය සුවකල හැකි තත්වයක්. http://www.vog.lk/431-vaginismus-sexual-pain.php
mage wayasa 23 i,mata mensase hadena masa 2raka sarayak a hadila palaweni dawasa yati bade wedanawa ewasaganna amarui ,a wagema mama lagadi marry kala lingika ekathu wemadi wedanaw…
නැහැ. මෙයට එන්ඩොමොට්රියෝසිස් වැනි තත්වයක් හේතු වෙනවාදැයි පරීක්ෂණ කර බැලිය යුතුයි. ඉන් පසු සුදුසු පරිදි ප්රතිකාර කල හැකියි.