VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr.iui ekak kirimata dala washayen waya wana mudala ? Garbashaye hataganna follicle ekak yanu kumakda?eya athi wimata hethuwa kumakda?
පුද්ගලික රෝහලක මේ සඳහා රුපියල් 14000ක් පමණ වැය වෙනව. ෆොලිකල් ලෙස හඳුන්වන්නේ ඩිම්බ කෝෂ තුල ඩිම්බ මෝරන තරල පිරුනු කෝෂයක්. එය සාමාන්යයෙන් සෑම මසකම ඇති වෙනව.
Diane 35 gannna kiwwa osap chakrya asamanyai not maried dimaba idimi atha eyata hethuwa
මෙම ඖෂධය ලබා ගන්නා කාලය තුල ඔසප් චක්රය පිළිවෙලට සිදුවෙනව. එය තාවකාලික ප්රතිකාරයක්. සුළු අතුරු ආබාධ මිස සැලකිය යුතු අතුරු ආබාධයන් ඇති වෙන්නේ නැහැ.
Mata profertil 50g udeta tablet 3 gane dawas 5k bonna kiwwa.e tablet ekeo mokakda dr.wenne?
ඔබව පරීක්ෂා කිරීමෙන් පසු වෛද්ය වරයකු මෙම ඖෂධ නියම කරන්න ඇති. ඩිමබ් කෝෂ වලින් ඩිම්බ පිටවීම උත්තේජනය කිරීමට මෙවැනි ඖෂධ භාවිතා කරනව.
doctor mata Dan 19 w 4 d wenawa.eth mata tawama baba dagalanawa danenne ne.me mage first baby.ehema wenne ai?20 w scan eken babage gender ekath hariyatama kiyanna puluwanda doctor?
සමහරවිට සති 20ක් පසුවන තෙක් වුවත් බබා දැඟලීම නොදැනීමට ඉඩ තිබෙනව. එය සාමාන්ය දෙයක්. සති 20දී හොඳ ස්කෑන් යන්ත්රයක් යොදා ගෙන පරීක්ෂා කිරීමෙන් නිවැරදි දරුවාගේ ස්ත්රී පුරුෂ බව කියන්න හැකියාව තිබෙනව.
doctor. menses nawathunama preganancy test aka karanna ona dawas keyakinda.
දින 28කට වරක් පිළිවෙලට ඔසප්වීම සිදුවේ නම් ඔසප්වීමට නියමිතව තිබූ දිනය පසුවූ වහාම බොහෝවිට මුත්රා පරීක්ෂණය පොසිටිව් වෙනව. නමුත් මුත්රා පරීක්ෂණය පොසිටිව් වීමට තවත් සති දෙකක් පමණ පමා වෙන අවස්ථා තිබෙනව.
Doctor,meeta tika kalakata pera mage mithuriyakage daruwa ahimi une daru gabata visabrejayak asadanaya weemen.mese wiya hakke keseda.e pilibada kiyadenna
මෙය සුලබ තත්වයක් නොවෙයි. කලාතුරකින් ගැබ් ගෙල හරහා ගර්භාෂය තුලට විෂබීජ ඇතුළුවෙන අවස්ථා තිබෙනව.
dr mama wiwha wela danata auruddak wenawa.apita thama daruwek naha.mage SFA test ekak kala.eke podi prashnayak kiwwa.volume eka 2.3ml.mata paterncl tablet eka ganna kiwwa.daruwek n…
දරු පිළිසිඳ ගැනීම පමා වීමට විවිධ හේතු බලපාන්න පුළුවන්. මේ ගැන සොයා බලන්න ඔබ දෙදෙනාම පරීක්ෂාවට ලක්විය යුතුයි.
dr mama masa hathrakma letov tablet eka gathha.ovidac injection ekath gaththa.HSG ekath kala eke prashnayak naha.mama pregnant une naha.mage age rasne gthiya dikka wadi.pregnent no…
ඔබ සඳහන් කර ඇති කරුණු අනුව දරුඵල පමා වීමට හේතුවක් සොයා ගැනීම අපහසුයි. මේ ගැන තවදුරටත් පරීක්ෂා කර සුදුසු ප්රතිකාර කල යුතුයි.