VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr.මගේ මහත්තයට බබෙක් හදන්න බැ,එයගේ count එක0.1 එ නිසා වෙනත් කෙනෙකගෙන් ශුක්රාණු අරන් තැන්පත් කිරිමක් කරා,1පාර හරි ගියේ නැ,මට දැන ගන්න පුලුවන්ද එ ඇයි කියලා?අනිත් එක මගේ මහත්තයට බබෙක…
මෙම මට්ටම තිබියදී ICSI ක්රමයට නල දරු උපතක් සඳහා උත්සාහ කල හැකියි. කිසිම ප්රතිකාර ක්රමයක් 100%ක් සාර්ථක නැහැ. අසාර්තක වුවහොත් නැවත උත්සාහ කල යුතුයි.
Doctor mama Dan pregnant wela sathi 10 pamana wenawa.Mata wadiyen vomit wenne udetai ratai eth samaga kalanthe gathiyak athi wenawa A ai.anith deya thama samanyek masa kiyak wage g…
මෙය සාමාන්ය තත්වයක්. අපහසුතාවය අනුව ප්රතිකාර ලබා ගෙන සහනයක් ලැබිය හැකියි. ස්කෑන් පරීක්ෂණ වාර්තා සාමාන්ය නම් බඩේ ප්රමාණය ගැන කලබල වෙන්න අවශ්ය නැහැ. තව සති 4ක් පමණ යනවිට බඩේ විශාල වීමක් දැකිය හැකි වෙනව.
waydyathumani ma me wana wita wiwaha wi wasara 5 wenawa. lingikawaekathu wana wita mata wedanawak danenawa. mata me wanathek daruwek pihitala naha. me wanathek prathikara karanawa.…
ඔබේ රෝග තත්වය සංකීර්ණ බැවින් මෙම විස්තර මත පමණක් උපදෙස් දීමට අපහසුයි. පසුගිය පරීක්ෂණ වාරලැපරොස්කොපි පරීක්ෂණය කර කාලයක් ගතවී ඇතිනම් නැවත ලැපරොස්කොපි ශල්යකර්මයක් අවශ්ය විය හැකියි. මෙම තත්වය අඩු කිරීමට ඖෂධ ප්රතිකාරත් තිබෙනව.
Doctor mama marry karala masa 5k witara wenawa. api denna dawasak ara dawasak natnam dawas dekakata sarayak wage tama akathu wenne job aka nisa mage aga godak ushnai , husbandgeth…
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. ඉන් අනතුරුව සුදුසු ප්රතිකාර ගැනීමනේ දරුඵල ලබා ගන්න පුළුවන්. ශරීරයේ උෂ්ණබවක් මෙයට බලපාන්නේ නැහැ.
dr.condom use karala ekathu weemadi sakranu gaman kirima hakiyawk thiyanawada,100%sarthakada,hodama upathpalana kramaya mokadda ,thank you
කිසිම උපත් පාලන ක්රමයක් 100%ක් සාර්තක නැහැ. කලාතුරකින් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. නිසි ආකාරයෙන් කොන්ඩම භාවිතා කිරීමේදී ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. නමුත් හෝමෝන අඩංගු උපත් පාලන ක්රම මීට වඩා සාර්තකයි.
dr mama marry karala danata 1yer wenawa.mata thama babek na.dr age ushanaya wadi unahama babala hitinne nadda
පිළිසිඳ ගැනීම ප්රමාදවීමට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. ශරීරයේ උෂ්ණ බවක් මෙයට බලපාන්නේ නැහැ.
මම සති30 ගර්භනී මවක්.මට සතියක් පමන සුලු සෙම්ප්රතිශ්යා තත්වයක් තිබුනා.දැන් සෙම සහිත කස්සක් බවට පත්ව තිබෙනවා.මගේ වෛද්යවරයා නිර්දේශ කලේ amoxycilin 500g පමනි.එම අව්ශදයට මලපහ කිරීමේ…
ගර්භණී කාලයේ එම ඖෂධය ලබා ගැනීම හානිකර නැහැ. රෝග තත්වය දැනට අඩුවී ඇතිනම් වැඩිදුර ප්රතිකාර අවශ්ය නැහැ.
Dr mata menses thibune 11 mn babek blaporoththuwen inne thama me mase menses un na konde wedanawa mata godak tyanawa e ai dr
පරීක්ෂාවකින් තොරව වේදනාවට හේතුව පැවසීම අපහසුයි. ඔබට කලින් පිළිවෙලට ඔසප්වීම සිදු වුනි නම් මුත්රා පරීක්ෂණයකින් ගර්භණී දැයි පරීක්ෂා කර බලන්න.