නම: Ni *** | වයස: 27
Doctor Mata awrudu 4 ka daruwek innawa.palamu daruwagen awruddakata pasuwa pregnant Una ath a daruwa masa. 3 n. Witara. Nethi Una ita passé ayeth awruddakin wthara ayeth mama pregnant Una.ath a babath sathi pahen nethi Una.den awruddak withara wenawa babek hitiye ne.vog channel kela.ath mokuth problem akak ne kiwa Dr Ai ahema wenna.mama tikak mahathai.daruwek palaporoththuwa inne.mama mokada keranna ona Dr.
පිළිතුර

<p>ඔබට බර අඩු කිරීමට අමතරව වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Wa *** | වයස: 30
Dr. mama Dimba Moranna Periods wela 3weni Dawase indala Letroz 2.5mg*3 dina 5k biwwa.eth 12 weni dawase mage dimba morala madi kiyala 16 weni dawase enna kiwwa scan 1ta. 16 weni dawase beheth 1 widdala pahu wenida indala dina 3k ekathu wenna kiwwa. e kalayedi wadiya mahansi wenna, anga patha selawenna honda nadda waidya thumani....
පිළිතුර

<p>පුරුදු පරිදි එදිනෙදා වැඩ කටයුතු වල යෙදෙන්න. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ch *** | වයස: 28
වෛද්‍යතුමනි මට ප්‍රථම දරුව ලැබිල මාස 5ක් වෙනව.තවමත් මාගේ මාසික ඔසප් වීම සිදු වූයේ නැහැ.සිසේරියන් සැත්කමක් මගිනුයි දරුව ලැබුනේ.මෙය සාමාන්‍ය තත්ත්වයක්ද?
පිළිතුර

ඔව්. මවුකිරි දෙන කාලයේදී මාස 6ක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍ය තත්වයක්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Po *** | වයස: 29
Doctor, මම දැන් අවුරුදු 3ක් thyroxine (100)බෙහෙත් බොනවා. මගේ දරුවාට දැන් වයස 10 ක්.මම තව දරුවෙක් හදන්න කැමතියි,නමුත් තවම උත්සහ කළේ නැත්තේ මේ රෝගය නිසා බයටයි. මම පුතා ලැබෙන්න ඉන්න කොට නිරෝගිව හිටියා. ඊට පස්සේ thyroxine බොන නිසා දරුවෙක් හදන අදහස අත්හැරියා.doctor මම කුමක්ද? කළ යුතු, මම තව දරුවෙක් හදනවනම්.
පිළිතුර

රුධිරයේ තයිරොඩ් හෝමෝන මට්ටම සාමාන්‍ය ලෙස පාලනය කර ගත් පසු ගැබ් ගැනීමට බාධාවක් නැහැ. ගර්භණී කාලයේදී දිගටම තයිරොක්සින් හෝමෝනය ලබා ගත යුතුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ch *** | වයස: 35
Doctor palavani Baba sisariyan sathkaman gaththama Davani Baba Normal hamba wanna nadda
පිළිතුර

<p>සිසේරියන් සැත්කමකින් පසු සාමාන්‍ය දරුප්‍රසූතියක් සඳහා හැකියාව තිබෙනව. නමුත් එහිදී ඇතිවිය හැකි සංකූලතා නිසා බොහෝ වෛද්‍ය වරු නැවත සිසේරියන් සැත්කමක් නිර්දේශ කරන්නෙ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන ආකාරයට කටයුතු කරන්න.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]