VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
වෛද්යතුමනි මට ප්රථම දරුව ලැබිල මාස 5ක් වෙනව.තවමත් මාගේ මාසික ඔසප් වීම සිදු වූයේ නැහැ.සිසේරියන් සැත්කමක් මගිනුයි දරුව ලැබුනේ.මෙය සාමාන්‍ය තත්ත්වයක්ද?
ඔව්. මවුකිරි දෙන කාලයේදී මාස 6ක් දක්වා ඔසප් වීම ප්රමාද වීම සාමාන්‍ය තත්වයක්.
Doctor, මම දැන් අවුරුදු 3ක් thyroxine (100)බෙහෙත් බොනවා. මගේ දරුවාට දැන් වයස 10 ක්.මම තව දරුවෙක් හදන්න කැමතියි,නමුත් තවම උත්සහ කළේ නැත්තේ මේ රෝගය නිසා බයටයි. මම පුතා ලැබෙන්න ඉන්න ක…
රුධිරයේ තයිරොඩ් හෝමෝන මට්ටම සාමාන්‍ය ලෙස පාලනය කර ගත් පසු ගැබ් ගැනීමට බාධාවක් නැහැ. ගර්භණී කාලයේදී දිගටම තයිරොක්සින් හෝමෝනය ලබා ගත යුතුයි.
Doctor palavani Baba sisariyan sathkaman gaththama Davani Baba Normal hamba wanna nadda
සිසේරියන් සැත්කමකින් පසු සාමාන්‍ය දරුප්රසූතියක් සඳහා හැකියාව තිබෙනව. නමුත් එහිදී ඇතිවිය හැකි සංකූලතා නිසා බොහෝ වෛද්‍ය වරු නැවත සිසේරියන් සැත්කමක් නිර්දේශ කරන්නෙ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන ආකාරයට කටයුතු කරන්න.
docter.mge nangi kenkta eka පැලෝපිය නාලයක් pamank phita atha.dan ඔසප් චක්‍රය sidu waneda natha...me hethuwa nisa daruwak laba ganimta barida docter?thibena palopiya nalyth durwala…
වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමකින් තොරව මේ ගැන නිවැරදි පිළිතුරක් ලබා දීම අපහසුයි. ඇයව පරීක්ෂා කල වෛද්‍ය වරයාගෙන් මේ ගැන අසා දැනගන්න පුළුවන්.
Docta ඇඟ ඌෂ්ණ වීම කියන්නෙ මොකද්ද??එවිට ගැබ් ගන්නේ නැද්ද??ඇඟ නිවීමට ඉංග්‍රීසි බේත් ප්‍රතිකාර නැද්ද?
ශරීර උෂ්ණත්වය සහ මදසරු බව ගැන බොහෝ දෙනෙක් විමසා සිටිනව. ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය දැයි උණ කටුවක් භාවිතයෙන් තොරව බටහිර වෛද්‍ය විදාවේ පරීක්ෂා කරන ක්‍රමයක් නැහැ. උණ රෝග තත්වයක් ඇතිනම් ඊට ප්‍රතිකාර තිබෙනව. එසේ නොමැතිව දරුඵල ප්‍රමාදවීමට කාන්තාවගේ ශරීර උෂ්ණත්වය හේතුවක්…
සර් මං විවාහ වෙලා අවුරුද්දක් වෙනවා.එත් තාම බබාල නෑ.මගෙ ඔසප් වීම දින 29 30 31 අතර සිදු වෙනවා.සරු දවසක් හිතාගන්න අමාරුයි.මං IUI 1ක් කලා.නමුත් ප්‍රතිඵලයක් නෑ.doctor මං menses වෙන්න දි…
සමහරවිට මෙය එන්ඩොමෙට්‍රියෝසිස් වැනි රෝග තත්වයක් නිසා විය හැකියි. ගැබ් ගැනීමෙන් පසුත් උදරයේ වේදනා ඇති වෙන නිසා ඒ මගින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න අපහසුයි.
api denata wiwaha wee aurudu 2i.kisima upath palana beheth wargayak bhawitha kara na.denata masa 6ka sita api daruwek balaporoththuwen ekathu wuwa.namuth prathipala naha.waidya upa…
වෙනත් කිසිම රෝග තත්වයක් නොමැති නම් තව මාස කිහිපයක් පරීක්ෂණ වලින් තොරව ගැබ් ගැනීමට උත්සහ කරන්න. එය අසාර්ථක නම් පමණක් වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්.
dr, මට සති 13 සති 8 විතර ඉදන් ටික ටික බ්ලීඩ් උනා. ස්කෑන් කලාම සති 10න් vog dr කීවා බබා හොඳින් වැදෑමහ පහත් වෙලා නිසා කියලා තාමත් සමහර දවස්වල උදේට පොඩ්ඩක් බ්ලීඩ් වෙනවා. ඒක සති 16ක් ය…
රුධිර වහනය නතරවුවහොත් ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. නැවත ස්කෑන් පරීක්ෂාවක් සිදු කර බැලීම සුදුසුයි.