නම: Su*** | වයස: 29
ගැටළුව

Docta ඇඟ ඌෂ්ණ වීම කියන්නෙ මොකද්ද??එවිට ගැබ් ගන්නේ නැද්ද??ඇඟ නිවීමට ඉංග්‍රීසි බේත් ප්‍රතිකාර නැද්ද?

පිළිතුර


ශරීර උෂ්ණත්වය සහ මදසරු බව ගැන බොහෝ දෙනෙක් විමසා සිටිනව. ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය දැයි උණ කටුවක් භාවිතයෙන් තොරව බටහිර වෛද්‍ය විදාවේ පරීක්ෂා කරන ක්‍රමයක් නැහැ. උණ රෝග තත්වයක් ඇතිනම් ඊට ප්‍රතිකාර තිබෙනව. එසේ නොමැතිව දරුඵල ප්‍රමාදවීමට කාන්තාවගේ ශරීර උෂ්ණත්වය හේතුවක් ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවේ සලකන්නෙ නැහැ. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)