Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

සර් මං විවාහ වෙලා අවුරුද්දක් වෙනවා.එත් තාම බබාල නෑ.මගෙ ඔසප් වීම දින 29 30 31 අතර සිදු වෙනවා.සරු දවසක් හිතාගන්න අමාරුයි.මං IUI 1ක් කලා.නමුත් ප්‍රතිඵලයක් නෑ.doctor මං menses වෙන්න දින කීපයකට කලින් යටි බඩේ වේදනාව කොන්දෙ කැක්කුම ඇති වෙනවා.ඒක සාමාන්‍යයෙන් මට සිදු වෙනවා.ඉතින් මං අත් දැකීමෙන්ම දන්න නිසා හැම මාසෙකම මගේ බලපොරොත්තු නැති වෙනවා.ඩොක්ටර් මෙන්සස් වෙනව නම් විතරද දින කිහිපයකට කලින් එසේ යටි බඩේ වේදනාවක් එන්නේ??ගැබ් ගෙන නම් සාමන්‍යෙන් සිදුවන එම වේදනාව සිදුවන්නේ නැද්ද??ඩොක්ටර් හේතුව මොකද්ද මෙන්සෙස් වීමට දින කීපයකට පෙර යටි බඩේ වේදනාවක් ඇති වීමට.ඒක මෙන්සෙස් වීමට පෙරනිමිත්තක්ද??

අසන ලද්දේ: Su*** · වයස 29 · 1444 views

පිළිතුර

සමහරවිට මෙය එන්ඩොමෙට්‍රියෝසිස් වැනි රෝග තත්වයක් නිසා විය හැකියි. ගැබ් ගැනීමෙන් පසුත් උදරයේ වේදනා ඇති වෙන නිසා ඒ මගින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න අපහසුයි.