Skip to main content
ප්‍රශ්නය

Dr.මම අවිවාහක වෙමි.2011,දී සහ 2017 දී myometromy කර තිබේ ඒත් මට රුධිර වහනය සෑම දිනම පවතී.සමහර දින වල ඉතාමත් වැඩියි.31.12.2024 දින ඉතා වැඩිපුර වී රෝහල් ගත වූ පසු නැවත වෛද්‍යවරයා විසින් මාසයක් සඳහා notherstrone දුනි.03.02.2025 දින බෙහෙත් ඉවර වුණ පසු 04.02.2025 දින නැවතත් රුධිර වහනය වුනි.නැවත රෝහලට ගිය පසු transeracid saha mefernermic acid දුනි.වෛද්‍යතුමිය scan කර බලා 21 .02.2025 රෝහලේ නතර වෙන ලෙස පැවසූ අතර ගර්භාෂය wash කල යුතු බව පැවසුවාය.පිළිකා තත්වයක්ද රෝගය හඳුනා ගැනීමට පවසා..උපදෙසක් ලබා දෙන්න නැවත ඔපරේෂන් කිරීමට මා අකමැතිය. උපදෙසක් ලබාදෙන්න.පින්සිදු වෙයි.

අසන ලද්දේ: Ch*** · වයස 49

ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. වයස 50ට ආසන්නව ඖෂධ වලින් නතර නොවෙන රුධිර වහනයකදී ගර්භාෂයේ ඇතුළත බිත්තියෙන් සාම්පලයක් ගෙන පිළිකා තත්වයක් නැති බව තහවුරු කර ගැනීම අත්‍යවශ්‍යයි. එය විශාල සැත්කමක් නොවෙයි. බොහෝවිට එදිනම හෝ පසු දින රෝහලෙන් බැහැර යන්න පුළුවන්.