වයස 40න් පසු සති ගණනක් අධික ලේ යාමට ප්‍රතිකාර ගත යුතුද?
Do I need treatment for weeks of heavy bleeding after 40?
මම අවුරුදු 45 අවිවාහක කාන්තාවක්. මගෙ ඔසප් වීම මාස 2 1/2ක සිට නතර වී නැවත මුල් සති 2 පොඩි ප්‍රමාණයකින් පිටවෙන්න පටන්ගෙන ඊලග සති 3 විශාල වශයෙන් පිටවීමක් සිදු වුණා. නැවත සතියක් නතර වී දැන් දින 5 සිට විශාල වශයෙන් පිටවීමක් සිදුවෙනවා. සමහර අවස්ථාවල කැටි වශයෙන්ද පිටවීමක් සිදු වෙනවා. මෙයට මා ප්‍රථිකාර ගතයුතුද? ඒ ගතයුතු ප්‍රථිකාර කවරෙක්ද? Mage TSH ප්‍රමාණය 7.630 ලෙස සදහන් වී ඇත. මා දැනට ඒ සදහා බෙහෙත් ලබාගෙන නැත. T4 අගය 0.809 ලෙස ඇත.
මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙම වයසේදී සති ගණනක් පවතින අධික රුධිර වහනයකට හේතුව ස්කෑන් පරීක්ෂණයකින් සොයා බැලිය යුතුයි. TSH අගය ඉහල නිසා තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වීමත් මෙයට හේතු විය හැකියි. ප්‍රමාද නොකර නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවන්න. රුධිර වහනය ඉතා අධික නම් වහාම රෝහලට යන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
හෝමෝන පෙති නැවැත්තුවම පළමු ඔසප් වීම අධික වීම සාමාන්‍යද?Is the first period after hormone tablets normally heavy?
ඔසප් වීමේදී අධික ලේ යාමට හේතුව මොකක්ද?What causes very heavy bleeding during periods?
බෙහෙත් වලින් නොනවතින ලේ යාමට ගර්භාෂයෙන් සාම්පලයක් ගන්න ඕනෙද?Bleeding that drugs can't stop: is a womb-lining sample needed?
ඔසප් ලේ යාම දිගටම තියෙන්නේ ක්‍රීඩා කරලා මහන්සි වෙන නිසාද?Is my period bleeding lasting longer because of hard exercise?