VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor. Mage 1st night ekedi mage kanya patalaya bidi yamen pasu rudira pita vimas sidu noviya.
මෙයට හේතු වෙන්නේ කන්යා පටලයක් පිහිටා නොතිබීම හෝ කන්යා පටලය ඇදෙනසුළු වීමයි. මෙය සාමාන්ය තත්වයක්. සමහර කාන්තාවන්ට පලමු සංසර්ගයේදී රුධිර වහනයක් සිදුවෙන්නේ නැහැ.
mema page eke thibena saru kalaya gananaya kirime di osap chakraya akramawathwa sidu wenawanm saru kalaya gananaya kala yuthu wanne keseda
ඔසප් චක්රය අක්රමවත් වෙන විට නැවත ඔසප් වෙන දිනය හරියටම අනුමාන කරන්න නොහැකි නිසා සරු කාලය ගණනය කරන්න බැහැ.
ma wiwaha wee danata masa 10 pamana wenawa. Mita masa deka thunakata kalin sita daruweku gana balaporoththu wenawa. Dr. Eheth api lingikawa ekathu wimen pasu nagitta wita mage yoni…
මෙය සාමාන්ය තත්වයක්. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
Waidya thumani fibroid gedi hethuwak wenawada osap chakraya akramawath weemata?
නැහැ. මේ නිසා ඔසප්වීමේදී අධික රුධිර වහනය හෝ වේදනාව ඇතිවෙන්න පුළුවන්. ඔසප් චක්රය අක්රමවත් වීමට මෙය හේතුවක් වෙන්නෙ නැහැ.
Mage mawage wayasa 45.danta masa 4 pera ayata hadisiyea thada badea kakumak athi viya..pasuwa scan kirimen dangathea 2cm pamna fibroid gediyak athi bawai.pasuwa a sadaha sarhiyaka…
මෙයට හේතුව හරියටම කුමක්දැයි දැන ගැනීම අවශ්යයි. ෆයිබ්රොයිඩ් ගෙඩිය නිසා වේදනාව ඇති වේනම් එය අඩු කරගැනීමට ඖෂධ ලබා ගැනීම හෝ ශල්යකර්මයක් සිදු කිරීම කල හැකියි.
Doctor 3paarak eka digata abortion unahama karanna one test monawada?thanks doctor.
රුධිර කැටි ගැසීම වැඩි වෙන රෝග තත්වයන් ඇතිදැයි පරීක්ෂා කිරීමට රුධිර පරීක්ෂණ කිහිපයක් අවශ්ය වෙනව. මීට අමතරව රුධිර සීනි මට්ටම, ස්කෑන් පරික්ෂණයක් සහ හෝමෝන පරීක්ෂණ කිහිපයක් සිදු කිරීම අවශ්යයි.
Dr.dengu hadunoth garbani Amma knkta eka daruwata balapanwada
දරුවාට වඩා මෙහි අවදානම ඇත්තේ මවටයි. තද උණ නිසා මුල් කාලයේ ගබ්සාවන් සිදුවීමට සුළු අවදානමක් තිබෙනව.
වෛද්ය තුමනි, මම විවාහ වෙලා මාස 8ක් වෙනවා. මට වයස 29ක් වෙනවා. අපි ඉක්මනින් දරුවෙක් බලාපොරොත්තු උනා. වෛද්යවරයෙක් හමුවී උපදෙස් ගත්තද වසර2ක් වත් බලන්න කියනවා.ඒත් අපිට ඉක්මනින් දරුවෙක…
ඔබ දෙදෙනාගේ කිසියම් රෝග තත්වයක් ඇතිදැයි මුලින් පරීක්ෂා කර බැලිය හැකියි. පරීක්ෂණ වාර්තා සාමාන්ය නම් තව ටික කාලයක් ප්රතිකාර වලින් තොරව ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.