Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

යෝනියට ශිෂ්ණය ඇතුල් කරන විට උණුසුම් ගතියක් දැනෙන්නෙ ඇයි එය ස්භාවික තත්වයක්ද

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ඒ නිසා දරු පිළිසිඳ ගැනීමට බාධාවක් නොවෙයි.

Di*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

ඩිම්බ කෝෂ ගෙඩි සදහා laparoscopy කීරීම සාර්ථක ද? නැවත එම ගෙඩි හට ගන්නවද?

පිළිතුර

එය ගෙඩි වර්ගය අනුව වෙනස් වෙනව. ඩිම්බ කෝෂයේ ඇතිවෙන බොහෝ ගෙඩි ලැපරොස්කොපි සැත්කමක් මගින් සාර්තකව ඉවත් කරන්න පුළුවන්. නමුත් එන්ඩොමෙට්‍රියෝසිස් වැනි ගෙඩි නැවත ඇතිවීමට අවදානමක් තිබෙනව.

සං*** · වයස 40
පිළිතුර කියවන්න
ගැටළුව

අප විවාහ වී දින තුනක් සැමියාගේ ලිංගය ප්‍රාණවත් නොවේ.මේ සඳහා විසදුමක් පවතිද? අපට දරුවන් ලැබීමට තත්වය ප්‍රශ්නයක් වේවිද?

පිළිතුර

මෙය මානසික පීඩනය නිසා විය හැකියි. කලින් ප්‍රාණවත් වීමේ ගැටළුවක් තිබී නොමැති නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. මේ තත්වය දිගටම පවතී නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.

As*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

sir, Caesarean sergery ekakadi hadanna puluwan uparima daruwan ganana kiyada.

පිළිතුර

එවැනි සීමාවක් නැහැ. නමුත් සිසේරියන් සැත්කම් ගණන වැඩි වෙනවිට ඉන් ඇතිවිය හැකි සංකූලතා වැඩි වෙනව.

Ka*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Kalin sambandayedi mage kanya bawaya ahimi u athara e sambandaya dan natha.ma dan wiwaha wimata sitina athara ohu mata sidu wi athi de prashnayak nomathi nawa pawasuwath ohu hith w…

පිළිතුර

නැවත කන්‍යා පටලය සකස් කල හැකි නමුත් එය අත්‍යාවශ්‍ය සැත්කමක් නොවෙයි. මේ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව. https://www.vog.lk/182-hymen-virginity.php

Na*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර් සුද යාමෙන් කෙට්ටු වෙනවද

පිළිතුර

නැහැ. සුද යාම කෙට්ටු වීමට හේතුවක් නොවෙයි. යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම ස්වභාවික තත්වයක්. විෂබීජ ආසාදන තත්වයක් නොමැති නම් එයට ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

Sa*** · වයස 19
පිළිතුර කියවන්න
ගැටළුව

වෙද්‍යතුමනි, ඩිම්භ කෝෂ වල පොඩි පොඩි දිය බුබුලු තිබීම ගැබ්ගැනීමට ප්‍රශ්නයක්ද?

පිළිතුර

නැහැ. සමහරවිට මේ තත්වය ඇති කාන්තාවන්ට ගැබ් ගැනීමට පෙර ඩිම්බ මේරීම උත්තේජනය කරන්න ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.

Di*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

ගර්භාෂයේ ගෙඩි කිහිපයක් ඇති බව සිසේරියන් සැත්කමේදී වෛද්‍යවරිය පැවසුවා. සමහර අවස්ථාවල ඒවයෙ වේදනාවක් තියෙනවා. එම ගෙඩි ඉවත් කළ හැකිද. ලැපරොස්කොපි මාර්ගයෙන්

පිළිතුර

පුළුවන්. මෙම සැත්කම ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. https://www.vog.lk/678-myomectomy.php

ra*** · වයස 39
පිළිතුර කියවන්න