Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

ඩොක්ටර්... කන්‍යපටලය කැඩුනට පස්සේ... ඔසප් වීම ප්‍රමාද වෙනවද...එය දෙමාපියන් දැනගන්න හැකියාවක් තියෙනවද... කන්‍යාභාවය නැති උනාට පස්සේ මුහුන දෙන්න වෙන අනෙක් ගැටලු මොනවාද ?

පිළිතුර

නැහැ. ඔසප්වීම ප්‍රමාද වෙන්න මානසික පීඩනය බලපාන්න පුළුවන්. උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකර ලිංගික එක්වීමක් සිදුවූ විට ඉන් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. ඒ නිසාත් ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්.

As*** · වයස 19
පිළිතුර කියවන්න
ගැටළුව

මට දැන් සති 6+.තවම මට වමනය යෑම කෑම අරුචිය වගේ තත්ත්වයක් නැහැ.මේ මගේ 4වෙනි ගැබ් ගැනීම එක දුවෙක් විතරයි ඉන්නෙ.දැනට මාස 8කට පෙර දරු ගැබක් ඉවත් කරා බබාගෙ හෘදය වැඩ නෑ කියලා.මට දැනගන්න ඕ…

පිළිතුර

නැහැ. සෑම ගර්භණී භාවකදීම මෙම රෝග ලක්ෂණ එකම විදියට දැනෙන්නෙ නැහැ. ස්කෑන් පරීක්ෂණයෙන් දරුගැබ සාමාන්‍ය ලෙස සිටින බව තහවුරු කල ඇතිනම් මේ ගැන බිය විය යුතු නැහැ.

මධ*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

නිවැරදිව මෙන්සස් උනත් ඩිම්බ මෝරන්නේ නැති අවස්තා තියනවද? මොන වගේ හේතු නිසාද ඩිම්බ මෝරන්නේ නැත්තෙ?

පිළිතුර

ඔව්. මීට බලපාන හේතු රැසක් තිබෙනව. මානසික පීඩනය, සිරුරේ හෝමෝන වල අසමතුලිතබව, අධික තරබාරු බව ඒ අතර ප්‍රධාන කරුණු.

Ch*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Docter ගර්භාෂය ඉවත් කරන සැත්කමට කීයක් වියදම් යනවද

පිළිතුර

ඒ සඳහා වැයවන මුදල සිදුකර ආකාරය, සැත්කම සිදු කරන රෝහල සහ වෛද්‍ය වරයා අනුව විශාල ලෙස වෙනස් වෙනව. අදාල රෝහල අමතා දල වශයෙන් වැයවන මුදල දැන ගන්න පුළුවන්.

Sa*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

ස්වාභාවික දරු උපතක් කිරීමට හැකියාව තිබුනත් එයට අකමැති, වෙනත් සංකූලතා නොමැති අයෙකුට තමා කැමැති නම් IUI ප්‍රතිකාර ක්‍රමයට යොමු විය හැකිද?

පිළිතුර

පලමුව ඔබේ වෛද්‍ය වරයා හමුවී මේ ගැන වැඩිදුර සාකච්ඡා කර උපදෙස් ලබා ගන්න. ඉන් පසු ඔබට IUI සඳහා යොමුවීමට හැකියාව තිබෙනව.

Ra*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

සුද යාම සඳහා ප්‍රතිකාරයක් ලෙස ගත හැකි බීමට හැකි ඔෟෂධයක් නිර්දේශ කරන්න පුළුවන්ද සර්. මා කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකාරියක සහ කොරෝනා තත්ත්වය නිසා ඔසු හල් වසා ඇති බැවින් මේ සඳහා සුදුසු…

පිළිතුර

මෙම සේවාව මගින් ඖෂධ නියම කිරීමක් සිදු කරන්නෙ නැහැ. ඔබේ පවුලේ වෛද්‍ය වරයා ගෙන් මෙයට දිලීර නාශක ඖෂධයක් ලබා ගන්න පුළුවන්.

Sh*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

මට දරුවෙක් අවශ්‍යයි නමුත් මා පොර එල්ආර්ට් කර ඇත දැන් මට දරුවෙක් අවශ්‍යයි මෙය ගැලවිමෙ හැකියාව නැද්ද

පිළිතුර

LRT සැත්කම නැවත සකස් කිරීමට හැකියාව තිබෙනව. ඒ සඳහා නැවත ලැපරොස්කොපි සැත්කමක් (LRT reversal) කිරීමට අවශ්‍ය වෙනව. එසේ නොමැතිනම් ඔබට IVF ක්‍රමයට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

හි*** · වයස 37
පිළිතුර කියවන්න
ගැටළුව

Vergin aka nawatha hadaganna mata oni.aka karaganna oni kohomada.mn doctor kenek chal karala aka karaganna puluwanda

පිළිතුර

මෙම සැත්කම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු ලවා කරවා ගන්න පුළුවන්. නමුත් මෙය අත්‍යවශ්‍ය සැත්කමක් නොවෙයි. පහත ලිපිය කියවා මේ ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන්. https://www.vog.lk/182-hymen-virginity.php

Di*** · වයස 29
පිළිතුර කියවන්න