Skip to main content
ප්‍රශ්නය

මුල් සමයේ ගැබ් ලක්ෂණ නැත්තේ දරුවාට ප්‍රශ්නයක් නිසාද?

No pregnancy symptoms — does it mean a problem with the baby?

මට දැන් සති 6+.තවම මට වමනය යෑම කෑම අරුචිය වගේ තත්ත්වයක් නැහැ.මේ මගේ 4වෙනි ගැබ් ගැනීම එක දුවෙක් විතරයි ඉන්නෙ.දැනට මාස 8කට පෙර දරු ගැබක් ඉවත් කරා බබාගෙ හෘදය වැඩ නෑ කියලා.මට දැනගන්න ඕන ගැබිනි මුල් සමයෙ දැනෙන අපහසුතා නැත්තෙ බබාගෙ වර්ධනයෙ ගැටලුවක් නිසාද කියලා

අසන ලද්දේ: මධ*** · වයස 29

නැහැ. සෑම ගර්භණී භාවකදීම මෙම රෝග ලක්ෂණ එකම විදියට දැනෙන්නෙ නැහැ. ස්කෑන් පරීක්ෂණයෙන් දරුගැබ සාමාන්‍ය ලෙස සිටින බව තහවුරු කල ඇතිනම් මේ ගැන බිය විය යුතු නැහැ.