ගැබිනි මවක් සැම විටම තම දරුවා ගැන සැලකිලිමත් වෙනව. සායනයක දී බබා හැරිල නැහැ කියල කිව්වොත් බොහෝ දෙනා කලබල වෙනව. මොකක්ද මේකෙ තේරුම? කොහොමද බබා හැරිල ඉන්න ඕන කියන කරුණු ගැන අපි මේ ලිපියෙන් සලකා බලමු.
සාමාන්‍ය දරු ප්‍රසූතියට ස්වභාවිකවම මවගේ ශ්‍රෝණි කුහරය, ප්‍රජනක පද්ධතිය සහ දරුවාගේ හිස හැඩගැසී තිබෙන්නේ. මේ නිසා ප්‍රසූතිය සඳහා පහසුම පිහිටීම වෙන්නේ දරුවාගේ හිස පහලට හැරී මුහුණ පිටුපසට හෝ පැත්තට හැරෙන ලෙස සිටීමයි. මුල් කාලයේ මවු කුස තුල දරුවා ඉතාමත් ක්‍රියාශීලීයි. ඒ වගේම ගර්භාෂය තුල විශාල ඉඩක් දරුවාට තිබෙනව. ඒ නිසා දරුවාගේ පිහිටීම චලන සමග වරින් වර වෙනස් වෙන්න පුළුවන්. නමුත් දරු ගැබට සති 34ක් පමණ වෙන විට දරුවා වර්ධනය වී ඇති නිසා නිදහසේ චලනය වෙන්න ඉඩ මදි වෙනව. බොහෝ විට මේ කාලයේ දරුවා සිටින්නේ හිස පහලට සිටින ආකාරයට. එසේ නොමැති නම් අපි බබා හැරිල නැහැ කියල කියනව.
එහෙම වුනා ම මොකද කරන්න ඕන? මෙය මුලින් ම ස්කෑන් පරීක්ෂණයක් මගින් තහවුරු කර ගත යුතුයි. සාමාන්‍යයෙන් සති 28 -34 අතර ස්කෑන් පරීක්ෂණයකින් බබා හැරිල නැහැ කිව්වොත් ඒ ගැන එතරම් කලබල වෙන්න අවශ්‍ය නැහැ. තව විනාඩි කිහිපයක් තුල වුවත් දරුවා නැවත හැරෙන්න ඉඩකඩ තිබෙනව. නමුත් ඊට පසුව දරුවා වර්ධනය වී ඇති නිසා නිදහසේ හැරෙන්න ගර්භාෂය තුල ඉඩ කඩ ප්‍රමාණවත් නැහැ. සති 34ට පසුව ස්කෑන් පරීක්ෂණයකින් බබා හැරිල නැති බව පැවසුවහොත් සති 36 - 37 අතර කාලයේ නැවත ස්කෑන් පරීක්ෂාවක් කිරීම අවශ්‍යයි. මේ වන විට 96%ක් පමණ දරුවන් නිසි පරිදි හිස පහලට සිටින ලෙස හැරී සිටින්නේ.
එසේ නැතිනම් නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු සමග මෙම දරුවා බිහි කල හැකි ආකාරය සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්න පුළුවන්. මේ සඳහා ක්‍රම 3ක් තිබෙනව.
1. ගර්භාෂය තුල දී දරුවා හැරවීම (External cephalic version)
පළපුරුදු වෛද්‍ය වරයෙකුට විනාඩි කිහිපයක දී දරුවාගේ පිහිටීම හිස පහලට සිටින ලෙස හැරවීමට හැකියාව තිබෙනව. නමුත් මෙය සිදු කල යුත්තේ රෝහල් ගතවයි. ඉන් පසු දරුවාගේ හෘද ස්පන්දනය සහ පිහිටීම පරීක්ෂා කර බැලිය යුතුයි.
2. තට්ටම පහලට සිටින ලෙස දරුවා බිහි කිරීම (Vaginal breech delivery)
සාමාන්‍ය ලෙස ප්‍රසව වේදනා ඇතිවී ප්‍රසූතියට සූදානම් නම් සිටින ඉරියව්වේ ම දරුවාට පිටතට පැමිණීමට හැකියාව සැලසිය හැකියි. මේ සඳහා පුහුණු අත්දැකීම ඇති වෛද්‍ය වරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සෑම රෝහලකම සිටිනව.
3. සිසේරියන් සැත්කම
සමහර අවස්තා තිබෙනව දරුවා හැරවීම හෝ තට්ටම පහලට සිටින ලෙස බිහි කිරීම අවදානම් වෙන. එවිට ඔබේ වෛද්‍ය වරයා සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කිරීම නිර්දේශ කරාවි. මෙය සති 38-39 අතර කාලයේ කලින් තීරණය කල සැත්කමක් ලෙස සිදු කල හැකියි.
සාමාන්‍ය දරු ප්‍රසූතියක දී හිස පහලට සිටින සේ දරුවා බිහි වීමට වඩා තට්ටම් පහලට සිටින සේ බිහිවීමේදී සංකූලතා ඇතිවෙන්න තිබෙන ඉඩකඩ ටිකක් වැඩියි. ඒ නිසා හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම ගර්භාෂය තුල දරුවා හරවන අවස්ථාවක හෘද ස්පන්දනයේ වෙනස් කම් ඇති වුව හොත් හදිසි සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමට ඉඩක් තිබෙනව.
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.
SHARE THIS WITH FRIENDS ON